විදුහල්පතිවරයකු සිය පාසලේ සිසුවියකට පහරදීම දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් දැඩි ලෙස හෙළා දැක තිබේ.



ලංකා ගුරු සංගමය පවසන්නේ චෝදනා ලබන නුවරඑළිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැළලක් ඇති කිරීමට හේතු වන බවයි.

නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල, බෝගහවත්ත  සිංහල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට විදුහල්පති විසින් කොසු මිටකින් පහර දිම නිසා තුවාල සිදු ලැබු  සිසුවිය සැප්තැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී ශාවිත්‍රි ශර්මා පවසයි.

පාසලේ පැවැත්විමට නියමිත ගුරු උපහාර උළෙලක් සදහා රුපියල් 300 ක මුදලක් එම පාසලේම අධ්‍යපනය ලබන තම සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂ වචනයෙන් බැන වදින අවස්ථාවේ තමන් ," සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ලග වැඩ කරන්නේ. මම තාත්තට කියලා සල්ලි ඉල්ලා දෙන්නම්," යි  කී  අවස්ථාවේ විදුහල්පතිවරයා තමන්ට පන්න පන්නා අමානුෂික ලෙස කොසු මිටකින් පහර දුන් බව සිසුවිය  පවසා තිබේ.



ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ රටේ පවතින ආර්ථික තත්වය හමුවේ ඇතැම් ගුරුවරුන් තම නිවසින් ආහාර  ගෙනවිත් පාසල්  දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කටයුතු කරන මොහොතක ඉහත විදුහල්පතිගේ ක්‍රියාව සමස්ත ගුරු හා විදුහල්පතිවරුන්ට කැලලක් ඇති කිරීමට හේතු වු  බවයි.



පාසල් සිසුන්ගෙන් මුදල් අය කිරීම් සිදු කළ නොහැකි බවට චක්‍රලේඛ නිකුත් කර තිබියදීත් රජය සිසුන්ගෙන් මුදල් අය කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවට චෝදනා කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායක ඉල්ලා සිටින්නේ, පාසල් සිසුන්ගෙන් මුදල් අයකරගැනීමට කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

පාසල් දරුවන්ට ශාරීරික හා මානසික දඩුවම් පැමිණවීම සිදු නොකළ යුතු බවට නිකුත් කර තිබෙන චක්‍රලේඛ පවා නොතකා හරිමින් සිදු කරන මෙවැනි පහරදීම් සංගමයක් වශයෙන් දැඩි ලෙස හෙළා දකින බවයි ලංකා ගුරු සංගමය වැඩි දුරටත් පවසන්නේ.

රටේ පාසල් වල විදුහල්පතිවරුන් මීට වඩා ඉදිරිගාමීව කටයුතු කළ යුතු බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් අවධාරණය කරයි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්