''එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ.'' යයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

සිසිර ජයකොඩි පවසයි.

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන සකස් කර අවසන් බව ද ඔහු කියා සිටියි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි එම අදහස් පළ කළේය.

“නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒක නිසා එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්න බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට.

ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතිය ට අපිට පුළුවන් කමක් නෑ, ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය උපයෝගි කරගෙන ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අපිට පුළුවන් ඖෂධීය කංසා සහ ඒ නිස්සාරණ ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න. ඒ නීති හදලා ඉවරයි. අපි කැබිනට් මණ්ඩලයට මේ දවස් දෙක තුන තුළ ඉදිරිපත් කරනවා.”


ජනාධිපති ඩයනාට අනුමැතිය දීලා !


මේ අතර ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ කංසා නීතිගත කිරීම සම්බන්ධයෙන් විශේෂ පනත් කෙටුම්පතක් සැකසීමට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතිබවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකිරීමට ජනාධිපති අතිරේක ලේකම්වරයකුද පත්කර ඇතැයි පැවසේ.

එහි පළමු පියවර ලෙස අද පස්වරුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ මුලිකත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවා ඇත.

එම රැස්වීමට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් කිහිප දෙනෙකුද වෛද්‍ය විශේෂඥයින් ඇතුළු 16 දෙනෙකුගේ කණ්ඩායමකට ආරාධනා කර ඇතැයි ඩයනා ගමගේ ඇමතිවරිය පැවසුවාය. 

 
 Kansa 2022.10.04

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්