1200 x 80 DMirror

ත්‍රස්ත පනත අහෝසි කරන ලෙස උද්ඝෝෂණය කරන දෙමළ දේශපාලන නායකයකු ඝාතනයට තැත් කළේ යැයි එම පනත යටතේම නඩු පවරා, සිරගත කර

සිටී සැකකරුවන් සිව් දෙනකුට වසර පහකට පසු මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්.ඒ.සුමන්තිරන් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පස් වසක් සිරගතව සිටී කේ.කුලේන්ද්‍රන්, මරියනායගම් අජන්තන්, මුරුගයියා තවවේන්දන් සහ ඥාණසේකරලිංගම් රාස්මදන් කොළඹ මහාධිකරණය මගින් පෙරේදා [12] ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කෙරිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල ප්‍රසාද් දන්වා සිටියේ මොවුන් සිව් දෙනාටම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක මුදල් ඇප සහ ශරීර ඇප දෙක බැගින් නියම කරන බවයි.

ජේෂ්ඨ නීතිඥ කේ.සී. රත්නවේල් ප්‍රමුඛ රනිතා ඥාණරාජ්, සුරංග බණ්ඩාර සහ සුවාධිකා රවිචන්ද්‍රන් සැකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ මොවුන්ට ඇප ලබා දෙන ලෙසයි.

මුලතිව් හා කිලිනොච්චි වාසීන් වන මෙම තරුණයන් මන්ත්‍රී සුමන්තිරන් ඝාතනයට සැලසුම් කළ බවට චෝදනා කරමින් 2017 ජනවාරියේදී කිලිනොච්චි පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය