කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මහ පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදු කළ තිළිණි ප්‍රියමාලි

ගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තා රහස් පොලිසිය (CID) විසින් ඊයේ (ඔක්. 17) අත්අඩංගුවට ගෙන ඇත.


සැකකාර පෙම්වතා සංචාරක ව්‍යාපාරයේත්, මැණික් ව්‍යාපාරයේත් නිරතව සිටියදී 2019 වසරේ ඇය හඳුනාගෙන ඇගේ සැමියා ලෙසත් ඇයගේ පෙම්වතා ලෙසත් සමාජය ඉදිරියේ පෙනී සිටි තැනැත්තෙකු බව රහස් පොලිසිය කියයි.


ඔහු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බිස්ට්‍රල් ගොඩනැගිල්ලේ ව්‍යාපාර සමූහයක් පවත්වාගෙන යන කමල් හසන් නම් වූ ව්‍යාපාරිකයා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ය.


මෙම ව්‍යාපාරිකයා සංචාරක ව්‍යාපාරයේ මෙන් ම හෝටල් කර්මාන්තයේ ද, මැණික් සහ ස්වර්ණාභරණ, විදේශ මුදල් හුවමාරු ආයතන පවත්වාගෙන ගොස් ඇති අයෙකි.

 

කමල් හසන් නමැත්තා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු තිළිණි ප්‍රියමාලි සහ ඔහුගේ පෙම්වතා බව කියන තැනැත්තා සඳහා අමෙරිකානු ඩොලර් 60,000ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් 1,00,000 සහ රත්‍රන් කිලෝවක් මොහු විසින් දෙන ලද බවට රහස් පොලිසියට දුන් පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඩොලර් 40,000ක් මුලදී තිළිණිට ලබා දී ඇති බවත් එම මුදල ඇය දින කිහිපයකින් පියවා ඇති බවත් ඉන් පසුව ලංකාවට ඉන්ධන ගෙන ඒම සඳහා අමෙරිකානු ඩොලර් අවශ්‍ය බව ඇය මොහුට ප්‍රකාශ කිරීමෙන් පසු බොර තෙල් ගෙන ඒම සඳහා කමල් හසන් නමැත්තා තිළිණි ප්‍රියමාලිට මෙම මුදල් ලබා දී තිබේ.

මේ අතර, සිය බිරියගේ සහ දරුවන්ගේ කනකර රත්රන් පවුම් 137ක් මොහු විසින් ලබා දී ඇති අතර ඊට සැකකාර පෙම්වතා ඉසුරු සම්බන්ධව ඇති බවත් අනාවරණය කරගෙන තිබිණි. මේ සිද්ධියේ වීඩියෝ පට ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.

 PHOTO 2022 10 18 10 39 55

තිළිණි ප්‍රියමාලි මෑතකදී වෙනත් අයකු සමග විවාහවී ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

 

හිටපු අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කටයුතු කර ඇති සැකකාර පෙම්වතා නළු නිළියන්, දේශපාලනඥයන්, ප්‍රභූ පිරිස්, කෝටිපති ව්‍යාපාරිකයන් සමග ඡායාරූපවලට පෙනී සිටිමින් ප්‍රියමාලිගේ සැමියා ලෙස සියලු දෙනා ඉදිරියේ පෙනී සිට ඇත.

කමල් හසන් නමැති ව්‍යාපාරිකයා විසින් ලබා දුන් රත්‍රන් හා මුදල්වලට වූ දේ දැන ගැනීම සඳහා රහස් පොලිසිය ඊයේ රාත්‍රිය වන තුරු ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටියේ ය. සැකකරු අද (ඔක්. 18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියාමාලි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 19 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.


(mawbima.lk )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්