රනිල් වික්‍රමසිංහ ඡන්දය කල් දැමීමට කරන උපක්‍රමය තුළ පවතින්නේ හුදු ඡන්දය කල් දැමීමේ උත්සාහයක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ ක්‍රියාමාර්ගද පවතින බව ‘ඡන්දෙට බය මාමයි – බෑණයි’ සම්මන්ත්‍රණය

අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසීය.

එම සම්මන්ත්‍රණයේදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.

“ලෝකයේ අර්බුද නිර්මාණය කළ අය සමග හැමවිටම ජනතාවගේ තිබෙන්නේ ප්‍රතිවිරෝධයක්. අපේ රටේ ආර්ථික අපරාධකරුවන් නිදැල්ලේ තබා ජනතාවට බදු ගහන්න රනිල් වික්‍රමසිංහ ක්‍රියාකාර තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩගන්න බවට විවිධ කතා කියමින් සැබෑ ලෙසම අර්බුදයෙන් රට ගොඩගන්න නව ජනවරමකට භාදා කරමින් සිටිනවා. මේ අර්බුදයෙන් ගොඩඑන්න ජනවරමක් ලබා ගැනීම නෙවෙයි ප්‍රාදේශීය සභා ඡන්දයක්වත් නොතියා යන්න රනිල් උත්සාහ කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ රනිල්, ඔහුගේ මාමාගේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති වී ඡන්දය නොතියා යන්න වංගු හොයනවා.

පළාත් පාලන ඡන්දය වැලැක්විමේ කුමන්ත්‍රණය අපි අනිවාර්යයෙන්ම පරද්දනවා. පොහොට්ටු පක්ෂය රනිල් වික්‍රමසිංහටත් දෙපිරිසටම අවශ්‍ය වී තිබෙන්නේ, කවර හෝ ඡණ්දයක් පැවැත්වීම වලක්වාගැනීමටයි. ඡන්දයක් පැවැත්වුවහොත් ඔවුන්ට තිබෙන ඇත්ත ජනතා වරම ප්‍රකාශයට පත්වෙනවා. ඇත්ත ඡනවරම ප්‍රකාශයට පත්වුනාම ව්‍යවස්ථාවෙන් ජනාධිපති හැටියට පත් කරගෙන සිටියත් ඡන මතයෙන් රනිල්ගේ බලය අහෝසි වෙනවා.


ඒ වගේම පොහොට්ටු පක්ෂය ඇතුළු ඔය පක්ෂ ගොඩනගා තිබෙන්නේ ප්‍රතිපත්ති මත නෙවෙයි. අනුහස් බව සහිත කියන නායකයින් වටා බැසිල් රාජපක්ෂ පොහොට්ටුව ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂට ගැටගහලයි. ඊට පස්සේ ගෝටාබය රාජපක්ෂට ගැටගැහුවා. දැන් ගැටගහන්න කෙනෙක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහටත් පොහොට්ටු පක්ෂයටත් දෙගොල්ලොටම ඡන්දය කල්දාගැනීමේ අවශ්‍යතාවය එක විදිහටම තිබෙනවා.


මේ නිසා රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ඡන්දය කල් දමාගැනීම නාමල්ලාගේ දේශපාලන අනාගතය වෙනුවෙනුත් කළ යුතුයි. මොකද ඊටඟ ඡන්දයකින් පස්සේ නාමල්ගේ අවස්ථාව ගොඩනගාගන්න බලනවා. එතෙක් මේ ලෑස්ති වෙන්නේ ඡන්දය අකුලන්න පමණක් නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදයත් අකුලන්න. ඒ නිසා ඡන්දය ඉල්ලීමේ සටනත් මර්දනයට එරෙහි සටනත් දෙකම එකට ගෙන ජාතික ජන බලවේගයේ ජනතාව සමග අරගල කරනවා.”

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්