theleaderlk 01

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 189 දෙනෙකු පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම අතරමග නතර කිරීම හේතුවෙන් රටට රුපියල් කෝටි 93ක පාඩුවක් සිදුව

ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.


ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


පසුගිය දෙදහස් දහය වසරේ සිට මේ දක්වා කාලය තුළ ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත් දෙනකු ආචාර්ය උපාධි පාඨාමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා උපාධි හැදෑරීම මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඉන් පිරිසක් බවද සඳහන් කළේය.


ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික බවද ඇමතිවරයා පැවසීය.


පශ්චාත් උපාධිය හැදෑරීම අතරමඟ නතර කළ විශ්වවිද්යාකල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය මෙහිදී අමාත්‍යවරයා සභාවට ඉදිරිපත් කළේය.


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා අතරමඟ නතර කිරීමෙන් විශාල මුදලක් රජයට අහිමි වී ඇතැයි තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රශ්නය යොමු කරමින් පැවසුවේය.

 




 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 

new logo

නවතම පුවත්