1200 x 80 DMirror

ආර්ථික හා දේශපාලන අර්බුද මැද කෙතරම් සිරවී සිටියද, ආණ්ඩුව දෙමළ ජනයාට එරෙහි විරුද්ධවාදීකම් අඛණ්ඩව

පවත්වා ගෙන යන බවට දෙමළ ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ චෝදනා කර තිබේ.

''ආණ්ඩුවට  ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් විවිධ අර්බුද තියෙනවා. ලංකාවේ දකුණේ මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න තියෙනවා.ඒත් ඒ ඔක්කොම තියෙද්දිත්, දෙමළ ජනයාට එරෙහිව කරන විරුද්ධකම් නම් අත්හැර නැහැ,'' යැයි EPRLF ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසයි.

මඩකලපුවේ මේ සතිය මුලදී පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් EPLF ලේකම්වරයා කියා සිටියේ දේශපාලන විසදුමක් වෙනුවෙන් ඉන්දු -ලංකා ගිවිසුම සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස දෙමළ දේශපාලන නායකන් එක් හඬින් ආණ්ඩුවෙන් ඉල්ලිය යුතු බවයි.

'' ආණ්ඩුව හැම තිස්සෙම කල්පනා කරන්නේ ජිනීවා මානව හිමිකම් සැසියේදී සම්මත වුනු වගවීම, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වැනි චෝදනා මග හරින්නේ කොහොමද, ඉන්දු -ලංකා ගිවිසුමෙන් දුන්නු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ කොහොමද, අපේ පක්‍ෂය විසින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පිහිටවපු පළාත් සභා ආණ්ඩු සංකල්පය කොහොමද නැති කරන්නේ කියලා.''


ඉන්දීය කොන්දේසි

ඉන්දියාව ලංකාවට සහයෝගය ලබා දිය යුත්තේ කොන්දේසි පත්‍රයකට අනුව බව අවධාරණය කරන EPLF ලේකම්වරයා පවසන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීමේදී ඉන්දියාව තීරණාත්මක බවයි.

හතළිස් වසකට පෙර දෙමළ ජනයාගේ අයිතීන් හා විමුක්තිය වෙනුවෙන් සටන් වැද මියගිය EPLF සංවිධානයේ සගයන් සිය සගයන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට නම් දෙමළ ජනයාට ගෞරවාන්විතව ජීවත්වීම සඳහා නිදහස උදා කළ යුතු බව ද ඔහු පවසයි.

'' අපේ හිටපු සගයන්ගේ මිය යාම ඔවුන්ගේ පවුල් වලට මෙන්ම දෙමළ ජාතියටත් විශාල පාඩුවක්. දෙමළ ජනයාගේ අයිතීන් හා විමුක්තිය වෙනුවෙන් සටන් කළ ඔවුන් ලංකා ආණ්ඩුව මගින් මරා දැම්මා. තවත් අභ්‍යන්තර ගැටුම් නිසා මිය ගියා.''

ඉන්දීය හමුදා උතුරු නැගෙනහිර මෙහෙයුම් කළ අසුව දශකය අග භාගයේ ඔවුන් හා එක්ව කටයුතු කළ EPRLF සංවිධානය පළමු නැගෙනහිර පළාත් සභාවේ මුල්ම ආණ්ඩු බලය පිහිටවූ පක්ෂයයි. 

  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය