ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 05ක ජයග්‍රහණයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම අද සමත් විය. ඒ ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුවයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී ලකුණු 157ක් රැස් කර ගනු ලැබීය.

ලකුණු 158ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු වාර 14.3 කදී කඩුලු 5ක් දැවී ලකුණු 105ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ඩක්වර්ත්- ලුවිස් න්‍යාය අනුව අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 05ක ජයග්‍රහණයක් හිමි විය.

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි ප්‍රථිපලය සමග ශ්‍රී ලංකා පිල නැවත වතාවක් එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්ව සිටියි.

 Butler 2022

 

 

 නවසීලන්ත සහ ඇෆ්ගනිස්තාන තරගය වැස්සට සේදෙයි

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය අතරහැර දැමීමට සිදු විය.

තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයක් වූ මෙය ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් මෙල්බන් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව හේතුවේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ නොහැකිවිය.

නියමිත නිරීක්ෂණ කාලය අවසානයේදී තරග තීරක රන්ජන් මඩුගල්ලේ තීරණය කළේ, එම තරගය අතහැර දැමීමටයි.

ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණු බැගින් ප්‍රදානය කර තිබේ.

නවසීලන්තය තවදුරටත් එහි පෙරමුණේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 3ක් ලබා ගනිමිනි.

ඇෆ්ගනිස්ථානයට එක් ප්‍රසාද ලකුණක් හිමි වී ඇති අතර ඔවුන් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්