The Leader News
BREAKING
Top Ad
පුවත්

'රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා' ! - වසර 14කට පසුව නීතිඥ සංගමය මහ සභා රැස්වීමක් කැඳවයි

T

The Leader Desk

February 14, 2026 • 4:03 PM

 'රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා' ! - වසර 14කට පසුව නීතිඥ සංගමය මහ සභා රැස්වීමක් කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසයි.
  • බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අද(14) උදෑසන පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
  • එහිදී සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් මෙලෙස කැඳවනු ලබන්නේ 2012 වසරෙන් පසුව බවයි.
  • මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසයි.

බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අද(14) උදෑසන පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් මෙලෙස කැඳවනු ලබන්නේ 2012 වසරෙන් පසුව බවයි.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක් බවයි.

එහිදී නීතීඥ සංගමයේ සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය.

''රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා ...''

"අපරාධකරුවන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම ඒ තරුණ යූවල නිස්කාරණයේ මරා දමලයි තියෙන්නේ. ඒ නීතිඥ මහතාගේ පවුලේ අයට අපේ ශෝකය ප්‍රකාශ කරනවා.

අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. කවදාවත් හිතපු නැති දෙයක් වර්තමානයේ අපිත් බලනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ රජයටත්, පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා. පළමුවෙන්ම මේ වගේ සිද්ධියක් වුණාම ඊට සම්බන්ධ වැරදිකාරයෝ අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකෙන් පණිවිඩයක් දෙන්න ඕනේ සමාජයට, පිටරට කට්ටියත් බලා ඉන්නවා මොකක්ද අපි කරන්නේ කියලා.

සමහර වෙලාවට මේ වගේ දෙයක් නවත්තන්න බැහැ කියමු. නමුත් ඒ වගේ ප්‍රශ්න වුණාම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. සිද්ධියට අදාලව වෙන හේතු දක්වන්න බැහැ. ඇයි මේක වුණේ. කවුරුත් අමු අමුවේ පාරේ මරන්න බැහැ. මේ කොළඹ වෙලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක. එහා පැත්තෙ අකුරේගොඩ සුපර් මාකට් එකක් ඉස්සරහ. අපි ඔක්කොම ඒ පාරේ යනවා එනවා. අපි අනිවාර්යයෙන්ම අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර හෙට තීරණය කරනවා. නමුත් අපි ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න ඕන. මේ ගැන තීරණය හෙට කියන්නම්."

"සමාජ මාධ්‍ය මේ ගැන විවිධ දේ සඳහන් කරනවා. සිද්ධියට අදාළ සියලු විමර්ශන උසාවිය බලා ගනියි. සමාජ මාධ්‍ය වෙත වෙන කතා ඉදිරිපත් කරන්න පුළුවන්. බුද්ධිමය සාධාරණ පරීක්ෂණයක් උසාවිය මගින් සිදු කරයි. රටේ අපරාධවලදි නීතිමය සහයෝගයක් ලැබිය යුතුයි. අපරාධකරුවන්ට පෙනී සිටින්නේ නැහැ කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. සැකකරුවන් කොච්චර වැරදි කළත් නීතිඥ සහාය ලබා දෙන්න ඕන. කාට වුණත් ඒ සහාය ලබාදිය යුතුයි.

රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා . මේ වෙලාවේ සිද්ධියක් වෙලා තියෙනවා. මම කතා කරන්නේ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වු සිද්ධිය සම්බන්ධයෙන්. මීට පෙරද මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ආදිය සිදුව තිබෙනවා."

" රජයට වගකීමක් තියෙනවා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන්. මහජනතාව ඡන්දය දෙන්නෙ රජයට පළමුව ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන්. අද වන විට පාරේ බැහැලා යන්න පුළුවන් විදියට ආරක්ෂාවක් නැහැ. අපි පහළ ජනතාව. රජය අපට ආරක්ෂකයෝ දීලා නැහැ. රජයෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙනවාට වඩා ජනතාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා.

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් ඇති සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී පෙබරවාරි 13 වන දා පස්වරුවේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි (44) සහ ඔහුගේ බිරිඳ (42) වෙඩි තබා ඝාතනය කෙරිණි.

T 56 අවියක් සහ පිස්තෝල අවියක් යොදා ගෙන මෙම ඝාතනය සිදු කර ඇතැයි දැනට කර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇති බව සිදුවීම සම්බන්ධයෙන් පෙබරවාරි 14 වන දා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 10ක් විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වෙඩි තැබීම් රැල්ලට හේතුව සංවිධානාත්මක කල්ලි අතර ගැටුම් ද?

ඝාතනයට ලක් වූ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණිය සුද්දා නමැත්තාගේ නීතිඥවරයා බවටත් ඔහු පිළිබඳව වෙනත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන තැනැත්තෙකුට නීතිඥවරයා තොරතුරු ලබා දීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත් පොලිසිය පැවසූ බව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් බීබීසී ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා 'සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති නීතිඥවරයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර නොමැති බවයි.

"ඒ පිළිබඳව සමාජයේ යනවා එක එක දේවල්. නමුත් පොලිසියෙන් එහෙම දෙයක් කියලා නැහැ," යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩි දුරටත් කියා සිටියි.

සබැඳි පුවත් :

අකුරේගොඩ දී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...