ක් හෙවත් රුපියල් කෝටි 140 ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් වී ඇති බවත් එම පාඩුව ආණ්ඩුව ඒ සඳහා පනවා ඇති ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් මිලියන 620 මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් හිටපු විදුලිබල අමාත්‍යවරයෙකන් මෙන්ම එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක අද (26) පැවසීය.
ගල් අගුරු ගැටලුව පිළිබඳව දැනුවත් කිරීමට කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පාඨලි චම්පික රණවක මහතා එසේ පැවසීය.
අර්ජුන සහ ධම්මික රණතුංග සහෝදරයන් ඉන්ධන ටෙන්ඩරයකින් රුපියල් මිලියන 800 ක් පාඩු කළ නඩු පැවරූ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම එක නැවකින් පමණක් මෙවැනි අති විශාල පාඩුවක් කළ බලශක්ති අමාත්‍යවරයා සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ ඇයි දැයි ගැටලුවක් ඇති බවත් එම විශාල පාඩුව කළ ආණ්ඩුව දඩයක් පනවා කරඇරීමට සූදානම් වන බවත් පාඨලී රණවක කීය.
අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන් සම්බන්ධයෙන් කටයුතු නොකරන තත්වයක් පෙනෙන බව කී හිටපු අමාත්‍යවරයා, ප්‍රමිතියෙන් තොර එම ගල් අගුරු හදිසියේ දහනය කිරීම ද විශාල සැකයක් බව ද සඳහන් කළේය.
මරණයක් ගැන සැකයක් ඇති වුණාම දේහය භූමදානය නොකර ආදහනය කරනවාක් මෙන් ගල් අගුරු තොගය දහනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් මෙගාවොට් 810 ක් නිපදවිය හැකි ලක්විජය බලාගාරයේ ආන්දෝලනයට ලක්ව ඇති ගල් අගුරු දහනය කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ දහන වාර්තාවලට අනුව මොගාවොට් 715 ක් පමණක් නිපදවා ඇති බවත් ඔහු කීය.
ඒ අනුව දිනකට ගිගාවොට් පැය 2.6 ක් අහිමිව එම විදුලිය ඩීසල්වලින් සැපයුවේ නම් දිනකට රුපියල් කෝටි 15 ක් පාඩු වී ඇති බව කී පාඨලී රණවක, එම මූල්‍ය පාඩුවට අමතරව විදුලි බලාගාරයේ යන්ත්‍රවල, පරිසර පද්ධතියට සහ අනාගතයේ ගල් අගුරු හදිසි මිලදී ගැනීමක් කිරීමට සිදුවුවහොත් වන පාඩුව යන කරුණු පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බව ද සදඟන් කළේය.
මෙම ප්‍රමිතියෙන් තොර ගල් අගුරු දහනය කිරිමෙන් ශ්‍රී ලංකාවට සහ අවට රටවල්වලට වූ පරිසර හානිය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වාහාම පරිසර වාර්තා ඉරිරිපත් කළ යුතු බව කී හෙතෙම, මෙම ගල් අගුරු ටෙන්ඩරය ඇතුළු රජයට වූ පාඩුව පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමේ වගකීමට විගණාකාධිපතිවරයාගේ බැදී සිටින බව ද කීය.
මෙම බලශක්ති අමාත්‍යවරයා විදුලි ගාස්තුව සියයට 12 කින් ඉහළ දැමීමට පසුගියදා මහජන උපයෝගිතා කොමිසමට දැමීමට ඉදිරිපත් කළ යෝජනාවේ ගල් අගුරු කිලෝවක් රුපියල් 41 ක් ලෙස දක්වා තිබුණ ද, මෙම ගල් අගුරු ටෙන්ඩරයේ කිලෝවක මිල රුපියල් 30.40 ක් ලෙස සටහන්ව ඇති බවත් ඒ අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමක් ගැනීමට ගල් අගුරු මිල වැඩියෙන් පෙන්වා ඇති බවත් චම්පික රණවක පැවසීය.
මෙම ගල් අගුරු ප්‍රසම්පාදනය ක්‍රියාවලියේ අනිවාර්යෙන්ම දූෂණයක් වී ඇති අතර සැපයුම්කරුවන් වැඩි සංඛයාවක් ඉදිරිපත්වීමට හේතුව ප්‍රසම්පාදන ප්‍රමිතීන් බාලකිරීම බවත් ගල් අගුරු අඩු මිලකට ගැනීමට හැකි වුයේ ලෝක වෙළෙඳපළේ ගල් අගුරු සහ ඉන්ධන මිල ඉතාමත් පහත අගයකට වැටී ඇති තත්වය තුළ මිල ආණ්ඩුවේ හපන්කමකට නොවන බවත් ඔහු කීය.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට දිනකට ගල් අගුරු කිලෝග්‍රෑම් 7,000 ක් ලෙස වසරකට ගල් අගුරු මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් අවශ්‍ය බව කී හිටපු ඇමතිවරයා පැවසුවේ, වර්තමාන ආණ්ඩුව ප්‍රමාද වී ප්‍රදානය කළ ටෙන්ඩරයෙන් ගල් අගුරු මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක් පමණක් ආනයනය කරන බවයි.
ආණ්ඩුව එම ටෙන්ඩරය පසුගිය වසරේ අගෝස්තු මස 25 වැනිදා ආසන්න වශයෙන් මාස 4 ක් ප්‍රමාද වී ඉදිරිපත් කර ප්‍රසංපාදන ක්‍රමවේදයේ සම්මතයන්ට පටහැනිව ගොස් සැප්තැම්බර් මස 15 වැනිදා අවසන් කළ බවත් අන්තර්ජාතික ටෙන්ඩර් නියමයන්ට අනුව දින 42 ක් ලැබිය යුතු වුවද මෙම ටෙන්ඩරයට එම කාලය නොලැබුණු බවත් ඔහු කීය.
අප්‍රේල් මස වාරකයන් කාලය එළඹීමට පෙර ගල අගුරු ආනයනය කළ යුතු යන බරපතල ප්‍රශ්නයක් තිබියදී නොවැම්බර් මස 4 වැනිදා එනම් මාස දෙකකට ආසන්න කාලයකින් ටෙන්ඩරයට ප්‍රදානය කිරීම ගැටලුවක් බව ද ඔහු පැවසීය.
ඥාතීන්ගේ ගල් අගුරු සැපයුම්කරුවන් ගැන බලශක්ති ඇමතිවරයා චෝදනා කළ ද ඥාතීන්ගේ ගල් අගුරු සැපයුම්කරුවන් මුණගැසීමට එතුමා රුසියාවට ගිය බව වාර්තා වන බවත් ඇමතිවරයා ඔක්තෝබර් මාසයේ අදාල සමාගම මුණගැසුනේද නැද්ද යන්න ප්‍රකාශ කළයුතු බවත් ඔහු සඳහන් කළේය.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය 1988 වසරේ ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද මහජන විරෝධතා නිසා එම බලාගාරය ප්‍රමාද වී ලැබුණු බවත් එම විරෝධතා පිටු පස සිටියේ කවුරුද යන්න සියලු දෙනා දන්වා කරුණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
එම බලාගාරයේ පළමු පියවර 2004 වසරේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග ගේ කාලයේ ආරම්භ කළ බවත් දෙවැනි පියවර මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කාලයේ ආරම්භ කළ අතර ඒ අවස්ථාවේදී තමන් විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත් පාඨලි චමිපික රණවක වැඩි දුරටත් සඳහන් කළේය.
(lankadeepa | යොහාන් භාසුර)




