වෙනිසියුලාවේ කරාකස් අගනගරයේ නොවැම්බර් 1දා (අද) ආරම්භ වූ එරට කොමියුනිස්ට් පක්ෂයේ

16 සමුළුව හා අන්තර්ජාතික වැඩකරන ජනතා සමාජවාදී පක්ෂ නියෝජිත සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වෛද්‍ය ජනිතා ගමනායක ද සහභාගී වී ඇත.

වෛද්‍ය ජනිතා ගමනායක එම පක්ෂයේ හිටපු ලේකම්වරයකු වූ උපතිස්ස ගමනායකගේ දියණියයි. ඇය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා කමිටුවේ සාමාජිකාවකි.

එසේම, ජනතා විමුක්ති පෙමුණ නියෝජනය කරමින් වෙනිසියුලාවේ මෙම සමුළුවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා කමිටුවේ ලේකම් දර්ශන හෙට්ටිආරච්චි ද සහභාගී වී තිබේ.

එම සමුළුව ලබන 06 වෙනිදා දක්වා පැවැත්වේ.

එයට සහභාගී වන ජවිපෙ නියෝජිතයන් දෙදෙනා වෙනිසියුලාවේ කොමියුනිස්ට් පක්ෂයේ (PCV) ප්‍රධාන කාර්යාලයට ගොස් එහි දේශපාලන මණ්ඩලයේ නියෝජිතයින් හමුවූ අතර එහිදී දෙරට අතර දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

එරට කොමියුනිස්ට් පක්ෂ සභාපති Perfocto Absev සහ ප්‍රධාන ලේකම් – Oscar Figueroa මෙන්ම කාන්තා ව්‍යාපාරය වන (Clara Zetkin Women Movement) සභාපති – Elena Linares ඇතුළු අනෙකුත් කමිටු සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්වී සිටියහ.

Gamanayake 1

Gamanayake 2

Gamanayake 3

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්