theleaderlk 01

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙකු මෙරටට එවා ඇතැයි

පොලීසිය පවසයි.


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව අදාළ හෙරොයින් තොගය ඩුබායිහි රාජ්‍යයේ රැඳී සිටින රන්මල්ලි නැමැති පුද්ගලයා විසින් මෙරටට ඒවා ඇති බවය.


දකුණු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක්, සැකකරුවන් 10 දෙනෙක් හා ධීවර යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගනු ලැබීය.


එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා දෙවිනුවර ධීවර වරායෙන් පිටත්ව ගිය කවිඳු පුතා නමැති බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනෙකු, ඒවා ගොබිමට රැගෙන ඒමට සූදානම් කර තිබූ ඩිංගි යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනකු සහ ඒවා ලබා ගැනීමට ගොඩබිමේ සූදානමින් සිටි යුවළකි.


අත්අඩංගුවට ගත් පුද්ගලයින් කෝට්ටගොඩ, තලල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.


සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව කළ සෝදිසියකදීයි.


එහි වීදි වටිනාකම රුපියල් මිලියන 6622 ක් පමණ වන ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ ය.


අත්අඩංගුවට ගත් ධීවරයින් පවසා ඇත්තේ, පකිස්ථාන මුහුදු සීමාවේදී පසුගිය මස 24 වැනි දා පකිස්ථාන යාත්‍රාවක් මගින් එම පාර්සල් තොගය ලබාදුන් බවයි.

(මුලාශ්‍රය -News 1st)

n 1n 2

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo


නවතම පුවත්