මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11)  පැවැති විරෝධතාවයට එක්සත්

ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.


ඇය විරෝධතාවයට සහභාගීවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස තමාගෙන් හෝ පක්ෂයෙන් කිසිදු විමසීමක් නොකළ බවත් ඔහු පවසයි.


විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මේ බව සඳහන් කරන අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති කාරණයක් නොවන බවත් එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කරනු ලබන කටයුත්තක් බවද එහි සඳහන් කර ඇත.


මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වී කරන කටයුත්තකට පක්ෂයක් ලෙස එජාපය සම්බන්ධ වන්නේ නැතැයිද එජාප මහලේකම්වරයා සිය නිවේදනයේ අවධාරණය කර ඇත.


එසේම  කුමන පක්ෂයක හෝ වේවා ජනතා නියෝජිතයින් ලෙස තනතුරු වලට පත්වූ පසු ඔවුන් ගේ ක්‍රියාකලාපය අතිශයින් වගකීම් සහගත විය යුතු අතරම, අත්තනෝමතික හැසිරීම සමාජයේ අගතියට මිස උන්නතියට හේතු පාදක නොවන බව ද ඔවුන් තරයේ සිහි තබාගත යුතු යැයි මහලේකම්වරයා නිවේදනයේ සඳහන් කර ඇත.


එක්සත් ජාතික පක්ෂයේ අනුදැනුමකින් තොරව එවැනි කටයුත්තකට සම්බන්ධවීම පිළිබඳව සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් අනුගමනය කරනා ක්‍රියාමාර්ග ගැන පක්ෂ කළමනාකරණ මණ්ඩලය ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.






චීන - ශ්‍රී ලංකා මිතුදම් බිඳින කුමන්ත්‍රණයක් !


මේ අතර පසුගියදා චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධය පිටුපස චීන - ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික මිත්‍රත්වයට හානි පැමිණවීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව සැකසංකා මතුකරමින්, රාජ්‍ය බුද්ධි අංශ විසින් ඒ පිළිබඳව රහස්‍ය වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇතැයි වාර්තාවේ.


එසේම විවිධ පාර්ශ්ව කිහිපයක් පසුගිය සමයේ රාජ්‍ය මාධ්‍ය මෙන්ම ආණ්ඩුවට සහය දක්වන පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් යොදාගෙන චීන විරෝධී මතයක් නිර්මාණය කිරීමට ගනුලැබූ උත්සාහයක් ගැනත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත වාර්තා වී ඇති බවත් දැනගන්නට ඇත

 

සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මේ මොහොතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීම වෙනුවෙන් මෙරට ප්‍රධාන ණය හිමියන් වන චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ වන සාකච්ජා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන පසුබිමක මේ ආකාරයට චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධයක් දැක්වීම ඉතාම සැකසංක උපදවන්නක් බවය. විශේෂයෙන් ජපානය මේ වන විටත් ණය ප්‍රතිව්‍යුහගත කරණයට සහය දක්වා ඇති බවත් දැනට සාකච්ඡා පවතින්නේ, චීනය සහ ඉන්දියාව සමඟ බවත් ඔහු සඳහන් කළේය.එම සාකච්ඡා වලදීද චීනය කිසිඳු අවස්ථාවක මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරණය වෙනුවෙන් සෘණාත්මක තැනක නොමැති බව පැවසු එම නිලධාරියා, එවැනි පසුබිමක මේ ආකාරයට ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කරන ලෙස බලකිරීමට යාමට දෙයක් නොමැති බවත් අවධාරණය කළේය.

 

මේ අතර රජයේ ආරංචිමාර්ග පවසන්නේ, විපක්ෂය නියෝජනය කරමින් අරගලයට සම්බන්ධවූ කල්ලි කණ්ඩායම් විසින් මෙම විරෝධය සංවිධානය කිරීම තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය අර්බුදයට යවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ දියත්කිරීමට යන වැඩසටහන අවුල් කර දැමීමේ සාහසික උත්සාහයක් මේ පිටුපස ඇති බවයි.


මේ වන විටත් "අරගලය ජාතික ව්‍යාපාරය" නම් සංවිධානයේ කැලුම් අමරසිංහ නැමැත්තා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවක සඳහන් කරන්නේ මෙකී විරෝධතාව 'සර්ව පාක්ෂික අරගලකරුවන්' නම් සංවිධානය විසින් මෙහෙයවූ බවයි.


එසේම කැලුම් අමරසිංහ යනු මීට වසර කිහිපයකට පෙර 'චීනය - කොන්ඩය කැපුවට පසු ලෝකය' නමින් චීන විරෝධී කෘතියක්ද රචනා කළ අයෙකු බවත්, තමන් මේ විරෝධයට එක්වූයේ දේශපාලන අදහසින් බව පවසන ඔහුගේ ප්‍රකාශය හරහාම මේ පිටුපස පැවති දේශපාලන හැඩතල මතුවන බවත් ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.


විරෝධතාවය සංවිධානය කළ බව පැවසෙන 'සර්ව පාක්ෂික අරගලකරුවන්' සංවිධානය, සමගි ජනබලවේගය පක්ෂයේ සහ 43 සේනාංකය නියෝජනය කරන සාමාජිකයන් බහුතරයකින් සැකසුනකි.


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්