අපනයනය, හරිත ආර්ථිකය හා ඩිජිටල් විප්ලවය මත රටේ අනාගතය පදනම් වන බවට ජනාධිපතිවරයා අයවැය කතාවේ පැවසුව ද එම ක්ෂේත්‍රවලට දැනටමත් අධික බදු පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පවසයි.

එබැවින් අයවැය ඉලක්ක ඉටු නොවන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායකවරයා ඊයේ (නොවැම්බර් 14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය ගැන අදහස් පළ කරමින් සඳහන් කළේය.

ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරන බව 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පළ කළ අදහස ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

'ගංජා ආර්ථිකයක්' පෙන්වා ජනාධිපතිවරයා සැබෑ ප්‍රශ්න යට ගැසීමට ක්‍රියා කළ බවට විපක්ෂය චෝදනා කළ ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් දැක්වූයේ, ඉතා හොඳ අයවැයක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ බව පවසමිනි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්