මේ මොහොතේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හැකියාවක් ඇති යථාර්ථවාදී ලෙස සිතන

නායකයකු ලෙස තමන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසයක් ඇති බව 'ගොඩයමු සාමූහිකයේ' සංකල්පීය නියමුවා වන චින්තන ධර්මදාස පවසයි.


හෙතෙම මේ අදහස් ඵල කළේ 'අරුණ වෙබ් අඩවිය' හා විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

රටේ අනාගතය වෙනුවෙන් සිදු කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පුරවැසියන් දැනුම්වත් කරමින් 'ගොඩයමු සාමූහිකය' මේ වනවිට රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් දියත් කර ඇති අතර මේ රටේ ජනතාවගේ බඩගෝස්තරවාදී චින්තනය කෙතරම්ද යන්න තමන්ට මෙහිදී අවබෝධ වූ බව චින්තන පවසයි.  

වර්තමානයේ රට පත්ව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය අභාවප්‍රාප්ත මංගල සමරවීර මීට අවුරුදු 2කට පෙර දුටු බව පවසන චින්තන, අනගාරික ධර්මපාල තුමා සසර වසන තුරු මේ රටේ ඉපදෙන්න එපා යනුවෙන් ප්‍රාර්ථනා කළේ ඇයිද යන්න දැන් තමන්ට මැනවන් පත්‍යක්ෂ බවද කියයි.

තමන් අරගලේ ජංගි වැනූ අවස්ථාවේදී අලුත් පරම්පරාව යැයි කියා ගන්නා අය වම දකුණ නැතිව තමන්ට එරෙහි වූ හැටි මෙන්ම ලංකාවේ දේශපාලනය ලිංගිකත්වයට ඇති බයේ තරම චින්තන මේ සාකච්ඡාවේදී විග්‍රහ කරයි.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්