පොලීසිය මගින් කාන්තාවන්ට සිදුකරන හිරිහැර වලට එරෙහිව විරෝධතාකරුවෝ පිරිසක් අද (17) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ.



මෙම අවස්ථාවට කතෝලික පූජකවරුන්, නීතිඥයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියහ.

කාන්තාවන් දෙදෙනෙකු පාගමනින් පානදුරට ළඟා වූ පසුව, එයට බාධා කරමින් පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු කටයුතු කළ ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී බව පැවසු විරෝධතාකරුවන්, පානදුර පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට විරුද්ධව වහාම විනය සහ නීති ක්‍රියාමාර්ග ගතයුතු බව පොලිස්පතිවරයා වෙත අවධාරණය කර සිටියේය. 

{gallery}Violence against women{/gallery}
ඡායාරූප - Ajith Senevirathne

මෙම විරෝධතාවයට පදනම් වූ පානදුර දකුණ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් පොලිස් කාන්තාවන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳ මේවනවිට විමර්ශනයක් සුදුවෙමින් තිබේ.

මේ සිද්ධියට මුහුණ පෑ පොලිස් නිලධාරිනියන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

 අදාළ සිද්ධිය තමන්ට ගැටලුවක් නොවන බව එම නිලධාරිනියන් දෙදෙනා පවසා ඇතිබවත්, තමා අදාළ නිලධාරිනියන් සිය රාජකාරිය සඳහා උන්නදු කළ බව පොලිස් පරික්ෂකවරයා සඳහන් කර ඇති බවත් වාර්තාවේ. 
 

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්