ප්‍රවීණ රංගණ ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද (නොවැ. 20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

 

අද පස්වරුවේ දළුගම පිහිටි පෙරේරා මහතාගේ නිවසේ දී මිය යන විට ඔහු අනූ තුන් වන වියේ පසුවිය.

ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වූ 'විනෝද සමය' වැඩසටහනේ නිර්මාතෘ සහ ආරම්භක නිවේදකයා වූයේ ද ඇල්ෆ්‍රඩ් පෙරේරා ය.

ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන් ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු ලෙස ද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළේ ය.

ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළේය.

ඔහු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර ටෙලි නාට්‍ය කිහිපයකද රඟපෑවේය.

අවසන් ගෞරවය සඳහා දේහය මාකොළ පිහිටි supreme අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබීමට නියමිතය.

අවමගුල් කටයුතු අඟහරුවාදා (22) සවස තුනයි තිහට දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරේ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්