1200 x 80 DMirror

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක

චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසර ක්‍රිකට් තහනමක් පනවා එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (23) පැවසීය.

එම තරගාවලියේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණි විභාග කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව චාමික චෝදනාවලට වැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට දැනුම් දී ඇති බවත් විධායක කමිටුව මෙම දඩුවම පැනවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.

මෙම වසරක පරිවාස කාලය තුළදී චාමික කරුණාරත්න නැවතත් ක්‍රීඩක ගිවිසුම් සහ විනය විරෝධී හැසිරීම් වල නිරත වුවහොත් ඔහුට එරෙහිව පනවා අත්හිටුවා ඇති වසරක සියලුම මාදිලියේ ක්‍රිකට් තහනම බලපැවැත්වෙනු ඇත.

චාමික කරුණාරත්න හට පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රාත්‍රී සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ගුටිබැට හුවමාරුවක් දක්වා දිග් ගැසුණු මෙම ගැටුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ මැදිහත් වී සමථයකට පත් කරගත් බවයි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය