හිටපු අමාත්‍යවරයකු වන සුජීව සේනසිංහට සමගි ජන බලවේගයේ වගකිවයුතු ඉහල තනතුරක්

ලබාදීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

සජබ නායක හා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ සමගි තරුණ බලවේගයේ උප සභාපති, රෙහාන් ජයවික්‍රම යි. එහිදී එම යෝජනාව ඒකමතිකව සම්මතවී ඇත.

පසුගිය මහ මැතිවරණයට තරඟ කර පරාජයට පත් පක්ෂයේ දක්ෂ ක්‍රියාකාරීන් යළි පක්ෂය වෙත ගොනුකර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇති රෙහාන් ජයවික්‍රම, සුජීව සේනසිංහ වැනි දක්ෂ කථිකයින්ට ඉහලම වගකීම් පවරා පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයේ විජයග්‍රහණයට දායක කරගත යුතු බව අවධාරණය කර තිබේ.


දේශපාලනයෙන් ඉවත්වීමේ තීරණය !

සමගි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ සේනසිංහ එයින් පරාජයට පත්විය.

අනතුරුව දේශපාලනයෙන් ඉවත්වීමේ තීරණය ප්‍රකාශයට පත් කරමින් 2020 සැප්තැම්බර් මස 29 වනදා නිවේදනයක් නිකුත් කළ සුජීව සේනසිංහ, මින් ඉදිරියට තමන් ස්වාධීනව කටයුතු කරන බව සඳහන් කර තිබිණ.

වසර 16කට අධික කාලයක් දේශපාලනයේ නිරත වූ සුජීව සේනසිංහ පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස මුලින්ම තේරී පත් විය. අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.

පසුගිය පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාවේ සභාපතිවරයා ලෙසත්, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සාමාජිකයකු ලෙසත් කටයුතු කළ සුජීව සේනසිංහ,   යහපාලන රජයේ නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය ලෙස හා රාජ්‍ය වෙළෙඳ අමාත්‍ය සහ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය ලෙස කටයුතු කළේය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්