ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අජන්ත සෙනෙවිරත්න එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත්වීමට තීන්දුකර ඇත්තේ පෞද්ගලික හේතුන් මත බව ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරීමට පෙර ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඔහු වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවෙකි.

එසේම මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියත්, ජ’පුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අජන්ත සෙනෙවිරත්න, ඩිජිටල් යුගයේ සාහිත්‍යවේදියකු සහ නිර්මාණකරුවෙකු ලෙස ශ්‍රී ලාංකේය මාධ්‍යකරණයේ කීර්තියට පත් පුද්ගලයෙකි.

WhatsApp Image 2022 12 01 at 4.50.26 PM 1 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්