1200 x 80 DMirror

පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සීඝ්‍ර ලෙස අයිස් මත්ද්‍රව්‍ය පැතිර ගොස් ඇති බවට පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබෙන බව 'දේශය'

ජාතික පුවත්පත් වාර්තා කරයි.


පාසල් පද්ධතිය තුළ 8 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඇතැම් සිසුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවල ඇතැම් තරුණ තරුණියන් අයිස් පානය කිරීම සඳහා හුරු වී සිටින බව අනාවරණය වී ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

 

අයිස් පානය කිරීමෙන් පසුව නිදිමැරීමට හැකියාව ඇතැයි පවතින දුර්මතය නිසා රාත්‍රියේ පාඩම් වැඩ කිරීම ඊට ප්‍රධාන හේතුව වී ඇතැයි බුද්ධි අංශ සඳහන් කරයි. එසේම පාසල් මට්ටමින් ජාවාරම්කරුවන් මුලින් ණයට ලබා දී ඊට ඇබ්බැහි වූ පසුව ණය පියවා ගැනීමට දරුවන් ලවා අයිස් මත්ද්‍රව්‍ය විකිණීම සිදු කරවන බවත් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

 

ඇතැම් පූජනීය ස්ථානවල පූජ්‍ය පක්ෂය, පොලිසියේ ඇතැම් පොලිස් නිලධාරීන්, වෙනත් ආරක්ෂක අංශවල ඇතැම් සාමාජිකයන් පවා අයිස් පානය කිරීම සඳහා හුරු වී ඇතැයි එම බුද්ධි අංශ විමර්ශනයේදී හෙළිදරව් වී ඇත.


පසුගිය කාලයේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් සිදු කළ පිරිස් මේ වනවිට මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට යොමුව ඇති බවද අනාවරණය වී ඇත. විශේෂයෙන් පසුගිය කාලය තුළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද අයිස් සමඟ හසුවී ඇති බවද සඳහන්ය.


මත්ද්‍රව්‍ය පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අතර ව්‍යප්ත කරවීමටද ජාවාරම්කරුවන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් දියත්කර ඇති බවට නිරීක්ෂණය වී තිබේ.


විශේෂ කාර්ය සාධක බළකායක්

 

පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. ඒ අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මේවනවිට සිය අමාත්‍යංශයේ ප්‍රධානින් කැඳවා අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇත. 

 

ඒ සම්න්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.


එසේම, කලා ශිල්පින් හා තරුණ ප්‍රජාවේ දායකත්වය ඇතිව ප්‍රජා පොලිස් ඒකකයේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා වූ පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ගම් මට්ටමින් ආරම්භ කිරීමට අමාත්‍ය ටිරාන් අලස් විසින් මේවනවිට කටයුතු යොදා ඇතැයි ද වාර්තාවේ.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය