විදුලි බිල යළි ඉහළ දැමුවහොත් මෙරට ඇගලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවට නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිතියක් අනතුරු අඟවා තිබේ.
 

 
''අධික නිෂ්පාදන පිරිවැය හේතුවෙන් ඇඟළුම් ක්ෂේත්‍රයේ මහා පරිමාන සමාගම්වල කර්මාන්ත ශාලා ලංකාවෙන් වෙනත් රටවලට මාරු කරන්න දැනටමත් තීරණය කරලා. ඒ අනුව දෙසැම්බර් අවසන් වන විට සමාගම් කිහිපයක්ම මෙරටින් ඉවත් වීමට නියමිත,'' යැයි නිදහස් වෙළද කලාප සේවක මධ්‍යස්ථානයේ කැඳවුම්කරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි රත්නායක පවසයි.


මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ ඇඟළුම් කම්කරුවන්ගේ රැකියාද අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බවයි.


ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කර ගැනීමට ලබන ජනවාරි සහ ජුනි මාසවලදී යළිත් වරක් විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වේ.
ඵ් සදහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්