The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අවුරුදු 38 කට ඉහත ඝාතනය කළ 29කට අදත් යුක්තිය නෑ

T

The Leader Desk

December 5, 2022 • 4:10 PM

අවුරුදු 38 කට ඉහත ඝාතනය කළ 29කට අදත් යුක්තිය නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වවුනියාව සේමමඩු ගම්මානය 1984 වසරේ දෙසැම්බර් 02 වැනිදා වැටලු රජයේ හමුදා බල ඇණි එහි සිටී වැඩිහිටියන් හා පිරිමි දරුවන් 29 දෙනෙකු රැගෙන ගොස් මරා දැමිණි.
  • දිගින් දිගටම හමුදාවන්ගේ මෙහෙයුම් වලට ඉල්ලක්ක වූ සේමමඩු වාසින්ගෙන් බොහෝ දෙනා අනාථයන් ලෙස ඉන්දියාවටත් ඉන් පසු යුරෝපීය රටවලට හා ඇමරිකාවට පළා ගියේ දිවි රැක ගැනීමටයි.
  • එසේ පළා ගිය යුද පීඩිතයන්ගේ මුල්‍ය සම්මාදමෙන් සේමමඩු ශම්මුහානන්ද විද්‍යාලයේ ළමා උද්‍යානයක් වෙනුවෙන් ඉකුත් දා මුල් ගල් තබනු ලැබුවේ හමුදාව විසින් මරා දැමුණු 29 දෙනා වෙනුවෙනි.
  • මරා දැමුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ඥාතින් හා ගම් වැසියන් එක්ව සේමමඩු ආදී විනයාගර් කෝවිලේ ආගමික වතාවත් පවත්වමින්, විවිධ වර්ගයන්ට අයත් පැළ 1000 ක් රෝපණය කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):



වවුනියාව සේමමඩු ගම්මානය 1984 වසරේ දෙසැම්බර් 02 වැනිදා වැටලු රජයේ හමුදා බල ඇණි එහි සිටී වැඩිහිටියන් හා පිරිමි දරුවන් 29 දෙනෙකු රැගෙන ගොස් මරා දැමිණි.

දිගින් දිගටම හමුදාවන්ගේ මෙහෙයුම් වලට ඉල්ලක්ක වූ  සේමමඩු වාසින්ගෙන් බොහෝ දෙනා අනාථයන් ලෙස ඉන්දියාවටත් ඉන් පසු යුරෝපීය රටවලට හා ඇමරිකාවට පළා ගියේ දිවි රැක ගැනීමටයි.

එසේ පළා ගිය යුද පීඩිතයන්ගේ මුල්‍ය සම්මාදමෙන් සේමමඩු ශම්මුහානන්ද විද්‍යාලයේ ළමා උද්‍යානයක් වෙනුවෙන් ඉකුත් දා මුල් ගල් තබනු ලැබුවේ  හමුදාව විසින් මරා දැමුණු 29 දෙනා වෙනුවෙනි.

මරා දැමුවන් සිහිපත් කරමින්  ඔවුන්ගේ ඥාතින් හා ගම් වැසියන් එක්ව සේමමඩු ආදී විනයාගර් කෝවිලේ ආගමික වතාවත් පවත්වමින්, විවිධ වර්ගයන්ට අයත් පැළ 1000 ක් රෝපණය කෙරිණි.

සැමරුම් උත්සවය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් සහ වවුනියා නාගරික මන්ත්‍රී චන්ද්‍රා කුලසිංහම් එක් වුහ.

මේ අතර 1984 දෙසැම්බර් 02 වැනිදාම  රාත්‍රියේ  වවුනියාව - මන්නාරම දිසා මායිමේ පිහිටි චෙට්ටිකුලම් ගම්මානයට කඩා වැදුණු රජයේ හමුදා බාල, තරුණ, මහලු  52  අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දමා තිබිණි.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...