අතුරුදහන් වී ඇතැයි වාර්තාවූ මිගමුව මංකුලිය පදිංචිව සිටි අවුරුදු 70ක් වයසැති කාන්තාව මිගමුව කලපුවේ දියේ ගිලි මිය ගොස් ඇතැයි වාර්තාවේ.



ඇයගේ මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයා ගැනිමෙන් අනතුරුව පොලිසියට දැනුම් දී ඇත.


විදේශ ගතව සිට යළි දිවයිනට පැමිණ සිටි ඇයගේ දෙවන පුත්‍රයා විසින් මළ සිරුර හදුනාගෙන තිබේ.


ඇය ජිවිතක්ෂයට පත්වන විට මානසික ආබාධායක් සදහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.


සිද්ධිය සිදුවූ ඉරිදා (11) දින අළුයම නිවසේ පිටිපසු දොරෙන් එළියට ගොස් ඇති අතර ඇයගේ නිවස පිහිටියේ මිගමුව කලපුව ආසන්නයේ බැවින් ඇය කලපුවට වැටි දියේ ගිලි මිය යන්න ඇතැයි සැක කෙරේ.


සිද්ධිය සිදුවූවා යැයි සැක කෙරෙන කාලසීමාවෙ අධික වර්ෂාව හා සුළං පැවති ඇති අතර සිද්ධිය පිළිබඳව මිගමුව පොලිසිය පරික්ෂණ පවත්වයි.

 

update: ප.ව. 12.37 

 

*******************

පෙ.ව. 9.53 - මිගමුවේ මවක් අතුරුදහන් - තොරතුරක් ලැබුනොත් දන්වන්න

 

මිගමුව මංකුලිය පදිංචි වයස අවුරුදු 70ක් පමණ වයසැති මවක් අතුරුදන්ව ඇත.


අවසාන වරට ඇදගෙන සිටියේ සුදු සායක් හා තැඹිලි පාට බලාව්වුස් එකක් බව ඥාතීහු පවසති.

තොරතුරක් ලැබුනොත් දන්වන්න.

(සජු ලියනගේ - +94 76 421 3037)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්