The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

සූකාට කොටියා කී බ්‍රිතාන්‍යයේ සිංහල නීතිඥයා කෝටි ගණනින් වන්දි ගෙවයි

T

The Leader Desk

December 13, 2022 • 5:33 PM

සූකාට කොටියා කී බ්‍රිතාන්‍යයේ සිංහල නීතිඥයා කෝටි ගණනින් වන්දි ගෙවයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩු හිතෛෂීන්ට විශාල පරාජයක් අත් කරදෙමින් බ්‍රිතාන්‍යයේ සිංහල ඩයස්පෝරා නායකයෙක් එවන් අවමානයක් කිරීමේ වරදට ජාත්‍යන්තර නීතිවේදිනියකට විශාල වන්දියක් ගෙවා තිබේ.
  • “ මුළුමනින්ම අසත්‍ය වන මේ චෝදනා ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාකරන්නියක ලෙස කරන වැඩ ගැන මා අවමානයට පත් කිරීමට ගත් සැලසුම් සහගත උත්සාහයක් ලෙස පෙනී යයි.
  • අවසානයේදී නඩු ගාස්තු හා වන්දි වශයෙන් සැලකිය යුතු මුදලක් ගෙවීමටත්, සාවද්‍ය ප්‍රකාශ ඉවත්කරගනිමින්, අන්තර්ජාලයේ ඉංග්‍රීසි හා සිංහල බසින් සමාව අයැදීමටත්, ඊට අමතරව විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීමටද වගඋත්තරකාර පලිහවඩන එකඟ විය.
  • යැස්මින් සූකාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැන ඔහු විවෘත අධිකරණයේදී අද දින සමාව ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩු හිතෛෂීන්ට විශාල පරාජයක් අත් කරදෙමින් බ්‍රිතාන්‍යයේ සිංහල ඩයස්පෝරා නායකයෙක් එවන් අවමානයක් කිරීමේ වරදට ජාත්‍යන්තර නීතිවේදිනියකට විශාල වන්දියක් ගෙවා තිබේ.

''ත්‍රස්තවාදී සංවිධානයකට වාසි සැලසෙන ආකාරයෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන'' බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ බ්‍රිතානයේ නියෝජිතයා වූ  ජෙයරාජ් පලිහවඩන විසින් අසත්‍ය තොරතුරු රැගත් වාර්තාවක් 2021 වසරේදී ජිනීවාහි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 47 කට යවා ඇත්තේ මානව හිමිකම් පිලිබඳ දකුණු අප්‍රිකාවේ නීතිඥවරියක හා ක්‍රියාධාරිනියක් වූ යැස්මින් සුකාට එරෙහිවයි.  

තම කීර්ති නාමයට හානිකර සාවද්‍ය තොරතුරු මෙසේ ප්‍රසිද්ධියට පත් කිරීම අභියෝගයට ලක් කරමින් යැස්මින් සූකා විසින් දත්ත ආරක්ෂණ පනත යටතේ බ්‍රිතාන්‍යයේ නඩු පවරා තිබේ.

“ මුළුමනින්ම අසත්‍ය වන මේ චෝදනා ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාකරන්නියක ලෙස කරන වැඩ ගැන මා අවමානයට පත් කිරීමට ගත් සැලසුම් සහගත උත්සාහයක් ලෙස පෙනී යයි. මානව හිමිකම් ආරක්ෂකයන්, ත්‍රස්තවාදීන් නැතිනම් ඔවුන්ගේ ආධාරකරුවන් ලෙස හෙලා දකිමින් චරිත ඝාතනය කිරීම ලෝ පුරා පීඩක රාජ්‍යයන් යොදාගන්නා ගෙවී ගිය උපායක්,'' බව බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයේ රාජකීය විනිශ්චයාසන අංශයට දුන් සාක්ෂියේ සත්‍ය හා යුක්තිය උදෙසා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැසමින් සුකා සඳහන් කළාය.

නීතිඥයකු වන ජෙයරාජ් පලිහවඩන, සූකාට එරෙහිව නඩුවක් ගොනු කළ ද එය අධිකරණය මගින් බැහැර කර තිබේ.



අවසානයේදී නඩු ගාස්තු හා වන්දි වශයෙන් සැලකිය යුතු මුදලක් ගෙවීමටත්, සාවද්‍ය ප්‍රකාශ ඉවත්කරගනිමින්, අන්තර්ජාලයේ ඉංග්‍රීසි හා සිංහල බසින් සමාව අයැදීමටත්, ඊට අමතරව විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීමටද වගඋත්තරකාර පලිහවඩන එකඟ විය. යැස්මින් සූකාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැන ඔහු විවෘත අධිකරණයේදී අද දින සමාව ඉල්ලා සිටියේය.



“පැමිණිලිකාරියට එරෙහිව වාර්තාවල නගන ලද ඉහත දැක්වුනු අසත්‍ය චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස් කරගනිමින් වගඋත්තරකරු සමාව ඉල්ලා සිටී,” යි එම සමාව අයැදීමේ අවංක භාවය ගෙනහැර දැක්වීම පිණිස එම වාර්තාවලින් පැමිණිලිකාරිය පත්වූ චිත්ත පීඩාවට සහ ඇගේ කීර්තිනාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් ඇයට විශාල මුදලක් ගෙවන්නට වගඋත්තරකරු එකඟ වී ඇත. පැමිණිලිකාරියගේ යුක්ති සහගත වියදම් දැරීමටද වගඋත්තරකරු එකඟ වී ඇත,” යි ජෙයරාජ් පලිහවඩන ලන්ඩනයේ උපරිමාධිකරණයේ දී විනිසුරු ශ්‍රීමත් මාටින් ඩැනියෙල් චෙම්බර්ලේන් ඉදිරිපිටදී කියා සිටියේය.

එලෙසම අන්තර්ජාලය ඔස්සේද ඔහු සිය සමාව අයැදීම ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් පල කර ඇත

tgt

''වන්දි මුදල් ලැබුණු විට එය යොදවා ලංකාවේ දේශපාලන සිරකරුවන්ගේත්, අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ගේත් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීම ගැන සාකච්ඡා කරමින් සිටිනවා,'' යැයි  මානව හිමිකම් ක්‍රියාධාරී  යැස්මින් සූකා පවසන්නීය.



අලුත් නෛතික පූර්වාදර්ශයක්

බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයෙන් මුල්ම වතාවට, දත්ත ආරක්ෂණ පනත යටතේ විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීමට අවසර ලබාගැනීමෙන් ITJP අධ්‍යක්ෂිකාව වෙනුවෙන් පෙනී සිටී නීතිඥ කණ්ඩායම වැදගත් පූර්වාදර්ශයක් ලබා දීමට සමත්ව ඇත.

''ලිඛිත අපහාසය, වාචික අපහාසය, ද්වේශ සහගත අසත්‍ය හා පෞද්ගලික හෝ රහස්‍ය තොරතුරු හැර වෙනත් හේතු සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශන ඉදිරිපත් කළ හැකිද යනුවෙන් නීති වෘත්තිකයන් අතර දිගු කාලයක් තිස්සේ පවතින විවාදය මෙමගින් හමාර,'' යැයි රාජනීතිඥ ගයි වැසෝල්-ඇඩම්ස් ප්‍රකාශ කරයි.

මෙම නීතිඥ කණ්ඩායම අපේක්‍ෂා කරන්නේ දිගින් දිගටම මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව එල්ල වන ප්‍රහාරවලට සහාය වීම මෙම පුර්වාදර්ශය වැදගත් වනු ඇති බවයි



“ලෝකය පුරා මානව හිමිකම් ක්‍රියාධාරීන් ගණනාවක් නිහඬ කිරීමේත්, සත්‍යය ප්‍රකාශ කිරීම වලක්වාලීමේත් අටියෙන්, ඔවුන්ට එරෙහිව දමා ගසනු ලබන මෙයාකාරයේ අපහාසවලට එරෙහිව අපේ සේවාදායිකාවගේ කීර්තිනාමය නගා සිටුවන්නට හැකිවීම ගැන අපි මහත් සතුටු වන්නෙමු. මෙවැනි දේ වලක්වාලන්නක් ලෙස කටයුතු කිරීමට මේ අධිකරණ ක්‍රියාදාමය වැදගත් වන්නා සේම, එම  කාරණය හොඳින් කාවද්දන්නට මුල්‍යමය දණ්ඩනය ද  උපකාරී වෙයි,” යනුවෙන් එම නීතිඥවරු කණ්ඩායම ඇතුලත් හික්මන් සහ රෝස් සමාගමේ ඩැනියෙල් මැචෝවර් පෙන්වා දෙයි




යැස්මින් සූකා :



zdfrerමානව හිමිකම් පිලිබඳ දකුණු අප්‍රිකාවේ නීතිඥවරියක හා ක්‍රියාධාරිනියක් වූ යැස්මින් සුකා


දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් පදනම දහනම අවුරුද්දක් තිස්සේ පවත්වාගෙන ගිය ප්‍රකට ජාත්‍යන්තර මානව හිමිකම් නීතිඥවරියක් සහ සංක්‍රාන්ති යුක්ති විශේෂඥවරියක් ලෙස ප්‍රකට යැස්මින් සූකා දකුණු අප්‍රිකා සත්‍ය හා සංහිඳියා කොමිසමේ ද, සියරා ලියොන් සත්‍ය කොමිසමේද, විදේශීය යුද හමුදා විසින් මධ්‍යම අප්‍රිකා ජනරජයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන ලිංගික අපචාර සම්බන්ධයෙන් විමර්ශනය කළ මධ්‍යම අප්‍රිකා ජනරජය සඳහා 2015 පත් කළ එක්සත් ජාතීන්ගේ ස්වාධීන පුනරීක්ෂණ මණ්ඩලයේද සේවය කර තිබේ.

 ලංකාවේ යුද්ධයේ අවසාන අදියරවලදී සිදුකරන ලද අපරාධවලට සම්බන්ධවුවන් ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස් දීමට පිහිටුවන ලද ත්‍රිපුද්ගල විශේෂඥ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් 2010 දී ඇය  පත් කරන ලදී.

දකුණු සුඩානයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ඉකුත් වසර හය තිස්සේ නායකත්වය දෙනු ලබන්නේ ද නීතිඥ යැස්මින් සුකා විසිනි.

ලංකාවේ සිවිල් යුද්ධයේ 2008-9 අවසන් අදියරට සහ පශ්චාත් යුද වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ සාක්ෂි එක්රැස් කොට සංරක්ෂණය කිරීමට ඇගේ නායකත්වයෙන් යුත් සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) යොමුවී සිටී. ජාත්‍යන්තර විනිශ්චය සභා සහ අධිකරණ වල වැඩකොට ඇති ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ විශේෂඥ දැනුම සහිත ජාත්‍යන්තර මානව හිමිකම් විමර්ශකයන්, අභිචෝදකයන් සහ බැරිස්ටර්වරුන් විසින් සුපරීක්ෂාවෙන් යුතුව ඒකරාශී කරගන්නා ලද පසුගිය දශකයේ ලංකාව සම්බන්ධ අතිශයින් වැදගත්ම ලේඛනාගාරයක් (නඩුකර ගොනු 400ක්) එය සන්තකයේ පවතී.



ලතින් ඇමරිකාවේ තානාපතිවරයකුව සිටි ලාංකික හමුදා ජනරාල්වරයකුට එරෙහිව 2017 දී ITJP විසින් විශ්ව අධිකරණ බලය යටතේ එම කලාපයේ නඩු මාලාවක්‌ පවරමින්, 2019 දී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව වධහිංසාවට ගොදුරුවූවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ කැලිෆෝනියාවේ නඩුවක් පැවරීම සඳහා ද වින්දිතයන් 11කට ITJP සහාය විය.



ජනාධිපතිකමින් පන්නා දමන ලෙස ලංකාවේ ආණ්ඩු විරෝධීන් කළ උද්ඝෝෂණයෙන් ගැලවී ටික කාලයකට සිංගප්පූරුවට පලාගිය ගෝඨාභය රාජපක්ෂට එරෙහිව 2022 දී එරට නීතිපතිට අපරාධමය පැමිණිල්ලක් යවන ලද්දේ ද යැස්මින් සුකා නායකත්වය හොබවන ITJP මගිනි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...