රට තුළ පවතින ආර්ථික අර්බුදය විසදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා පිළිබඳ සර්ව

පාක්ෂිකව තීරණ ගතයුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබීම හේතුවෙන් ඊයේ (13) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් සංවිධානය කර තිබිණ.


LTTE සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් පසුව නායකයන් වීමට සිටි කුමරන් පද්මනාදන්, කරුණා අම්මාන් වැනි අය එළියේ සිටියදී හිටපු LTTE සාමාජිකයන් තවදුරටත් සිරකර තැබීම නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේය.

 ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ සඳහන් කළේය.

"විශේෂයෙන්ම මේ විධායකය විසින් විසඳන්න ඕන කරුණු. දැනට අත්අඩංගුවේ ඉන්න පිරිස් පිළිබඳව හා හමුදාව විසින් කඳවුරු පිහිටුවන්න ගත්ත ඉඩම් පිළිබඳ, අතුරුදහන් වූවන් පිළිබඳව මෙහිදී සාකච්ජා සිදු කළා. අවුරුදු 12 ක් වෙනවා යුද්ධය අවසන් වෙලා. එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගෙන් පසුව නායකයා වෙච්ච කුමාරන් පද්මනාදන්, රාම් ෂාම් නකුලන්, කරුණා අම්මාන් වගේ අය එළියේ ඉන්නවා. ඒ නිසා අත්අඩංගුවේ සිටින ඉතුරු 31 දෙනා අපි හිතන්නේ නිදහස් කරන්න ඕනේ. ඒ වගේම ආරක්ෂක හමුදාවල අයත් නිදහස් කරන්න අවශ්‍යයි. මේවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු වෙනවා. අද රටේ ප්‍රධාන ප්‍රශ්නය සිංහල, දෙමළ නැති බැරි මිනිස්සු බෝට්ටුවෙන්, කටුනායක ගුවන්තොටුපලින් රට දාලා පලා යනවා. මේ ආර්ථික අර්බුදය නිසා.

 

ප්‍රශ්නය:
ආර්ථික අර්බුදය විසඳන්න, IMF එක්ක මොකක්ද කතා කරන්නේ?


පිළිතුර:
රාජ්‍ය අංශය කරන ප්‍රතිව්‍යුහගතකරණය ඒකපාක්ෂිකව ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒක සර්ව පාක්ෂික කරන්න ඕනේ කියන යෝජනාව අපි ගේනවා.


 ප්‍රශ්නය:
මොනවගේ එකඟතාවයන්ටද ආවේ?

පිළිතුර:
ජනවාරි මාසේ හම්බුවෙලා ව්‍යවස්ථානුකුල කාරණා ගැන කටයුතු කරයි. අපි පාර්ලිමේන්තුවේදී ඒ ගැන බලනවා.

 

ප්‍රශ්නය:
මැතිවරණය සම්බන්ධ සාකච්ඡා කලාද?


පිළිතුර:
මැතිවරණය සම්බන්ධයෙන් අපි කියන්නේ පළාත් පාලන ඡන්දෙත්, පළාත් සභා ඡන්දෙත් පවත්වන්න. එතකොට ජනතාවට ඒ අයිතිය හම්බවෙනවා.

 

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්