කාදිනල් හිමියන් පවසන පරිදි තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසන්නීය.


පසුගියදා කාදිනල් හිමියන් පැවසූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය ඒ බව සඳහන් කළාය.

රට තුළ කංසා නීතිගත කිරීම, නයිට් ලයිෆ් කැසිනෝ සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ තමන් පමණක් වන හෙයින්, එදා පරංගියා යැයි කාදිනල් හිමියන් නොකියා පැවසුවේ තමන් ගැන බවත් ඩයනා ගමගේ පැවසුවාය.

කවුරුන් හෝ කාදිනල් හිමියන් නොමග යවා ඇති බව පැවසු රාජ්‍ය ඇමතිවරිය, මෙරට තුළට කතෝලික දහම පවා ගෙනාවේ පරංගි බව කියා සිටියාය. එසේ ආගම ගෙන ආ පරංගි කාදිනල් හිමියන්ට හොඳ නොවුණේ ඇයි දැයි ද ඇය ප්‍රශ්න කළාය.

ශ්‍රී ලංකාවට කංසා පළමු වරට ගෙනාවේ පරංගියා බවත්, එය නැවැත්තුවේ බ්‍රිතාන්‍යය ජාතිකයින් බවත් ඇය කියා සිටියාය.

මේ හේතුවෙන් කංසා කතාවට විරෝධය පාමින් කාදිනල් උන්වහන්සේ මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ කාගේ හෝ කියමනකට නොමග ගොස් බව ද රාජ්‍ය ඇමතිවරිය පැවසුවාය.

තමන් පරංගියෙකු නොවන බවත්, සිය පරපුරේ පණ්ඩිත හාමුදුරුවරුන් ද සිටින බවත් ඇය කියා සිටියාය.

එබැවින් ආගමික නායකයින් ආගම්වල වැඩකටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් වඩාත් සුදුසු බවත්, තමන්ගේ පැහැදිලි කිරීම් නොතේරෙන්නේ නම්, පැමිණ හෝ ඒ බව විග්‍රහ කරදීමට තමන් සූදානම් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්