බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණය ට පත්වී තිබේ.



ඒ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ක්‍රිකට් පරිපාලක හා ව්‍යාපාරික චන්ද්‍රා ශාෆ්ටර්ගේ පුත්‍රයා වූ ද ප්‍රකාශ් ශාෆ්ටර්ගේ සහෝදරයා වූ ද දිනේශ් ශාෆ්ටර් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් තිබූ බවය.

එලෙස ඔහු  ඊයේ (15) දහවල් කුරුඳුවත්ත මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පිටත්ව ගොස් තිබුණි.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ මද වේලාවකින් පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව තිබී ඇත.

දුරකථනය හරහා ලැබී ඇති සංඥා අනුව ඔහුගේ දුරකථනය බොරැල්ල සුසාන භූමිය අසල තිබෙන බවට බිරිඳ අනාවරණය කරගෙන තිබේ.

ඒ පිළිබඳව සැක සිතූ සභාපතිවරයාගේ බිරිඳ, සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇත.

ඔහු පැමිණ කළ සොයා බැලීමේදී, සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු දැක තිබෙන බව ඔහු පොලීසිය හමුවේ පවසා ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

ඒ මොහොතේම වහා ක්‍රියාත්මක වී ඇති විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ ද සහාය ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයර් ඉවත්කර ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණ.

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බවද පොලීසිය කියයි.



ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්