කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී සීසර්වරුන් යොදා වාහන පැහැරගෙනයාම

වැලක්වීමට වහාම කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිසිපතිවරයට දැනුම්දී ඇත.

ඒ අනුව, නව චක්‍රලේඛයක් නිකුත්කර ඇති පොලිස්පතිවරයා, කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිකව පියවර ගත යුතු යැයි දන්වා සිටියි.

වාහන කොල්ලකෑම, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

කල් බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳව අයිතිකරු ඉදිරිපත් කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බව ද මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව ද අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහි දැක්වේ.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්