ශ්‍රී ලංකාවට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 720,000 ක් සැපයීම සඳහා ඉන්දුනියානු සමාගමක් වන ‘ඇරිස්ටම් මිට්‍රා’

සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවත් එම සමාගම ලබන පෙබරවාරි මස සිට නෞකා 12 ක් ලෙස ගල්අඟුරු ංසැපයීම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර අද (27) පැවසීය.

ගල්අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් 9 ක් මිල ගණනන් ඉදිරිපත් කර තිබූ බව කී සුමනසේකර, ඒ අතරින් ශ්‍රී ලංකාවට ණය කාලයක් දෙන අඩුම මිල ඉදිරිපත් කර තිබූ එම සමාගම සැපයුම් අවස්ථාව පිරිනැමූ බව ද සදඟන් කළේය.  


ගල් අඟුරු නැව් එන දිනේ ඇමති කංචන කියයි

ලබන ජනවාරි මාසයට පමණක් ගල් අඟුරු නෞකා 07ක් මෙරටට ගෙන්වා ගන්නා බවත් ඉන් ගල් අඟුරු රැගත් නෞකා 03ක් ජනවාරි මස මුල මෙරට පැමිණීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.

ඔහු එබව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

 එහිදී ඔහු තවදුරටත් පවසා සිටියේ, ඉන් එක් නෞකාවක් ජනවාරි මස 05වනදාත් තවත් නෞකාවක් ජනවාරි 09වනදාත් දිවයිනට පැමිණීමට නියමිත බවය. එමෙන්ම තවත් ගල් අඟුරු නෞකාවක් ජනවාරි මස 13වනදා පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කරයි.

“මේක මීට පෙර ලබා ගෙන නැහැ ලංකාවේ. 06ක් තමයි සාමාන්‍යයෙන් උපරිම වශයෙන් ලබා ගෙන තියෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වනවා 07වන නෞකාවත් ජනවාරි මාසෙට පැමිණෙන, ජනවාරි මාසේ 31 වන දා ලබා ගැනීමේ කටයුතු කරන්න.”

නෞකා කිහිපයක් සඳහා ගෙවීමට අවශ්‍ය මූලික මුදල් ලෙස 30% මුදලක් ගෙවා ඇති බවද ඔහු එහිදී පැවසීය.

 

ගල් අඟුරු ටෙන්ඩර් කැබිනට් පත්‍රිකාව

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ලබන වසරට ගල් අඟුරු සැපයීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ ඉකුත් 12 වෙනිදාය. එම අනුමැතිය අනුව සැපයුම් කරුවන්ගෙන් සහ ආණ්ඩුව අතර සිදුවන ගණුදෙනුවක් ලෙස ණය පහසුකම් යටතේ ගල් අඟුරු සැපයීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

විෂයභාර ඇමති කංචන විජේසේකර ඉකුත් 19 වනදා තමින් මෙම ඇමති මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබුනේ, ඉදිරිපත් වූ මිල ගණන් සැලකිල්ලට ගෙන ගල් අඟුරු මිලදී ගැනීමේ ඉදිරි ක්‍රියාවලිය සඳහා ඇමතිමණ්ඩල අනුමැතිය අපේක්ෂාවෙනි.

ඒ අනුව ගල් අඟුරු මෙට්‍රික්ටොන් හත්ලක්ෂ විසිදහසක් (720,000) එක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 240ක් බැගින් වන පරිදි සැපයීමට ඉන්දුනීසියානු සමාගමක් තෝරාගෙන තිබිණ.



# එම කැබිනට් සංදේශයට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අවශ්‍ය සුදුසුකම් සපුරා අඩුම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ අදාල ඉන්දුනීසියානු සමාගමයි. ඒ අනුව එම සමාගමෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගමේ සභාපතිට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලෙස එම කැබිනට් සංදේශයේ සඳහන්ය. 


# එසේම, සුදුසුකම් සැපිරූ පළමු සමාගම එනම් අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම අදාල සැපයුම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේනම්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තුන්වැන්නා ලෙස ලයිස්තු ගතකෙරුණු ඕස්ට්‍රේලියානු සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට එකී සංදේශය මගින් යෝජනා කර තිබේ.  

 
# පළමු ලංසුකරු සහ තුන්වන ලංසුකරු සැපයීම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේනම් හතරවන ලංසුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රධානය කළ යුතු බව ඇමතිවරයා ඇමති මණ්ඩලයට නිර්දේශ කර ඇත.

 
# පළමුවන ලංසුකරු හා තුන්වන ලංසුකරු අසමත්වන වටපිටාවක් තුළ විකල්පය ලෙස තෝරාගැනීමට ඇමතිවරයා නිර්දේශ කර ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකි.

letter 1

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්