මේ දිනවල උද්ධමනය පහත වැටෙමින් තිබේ. එය ජනතාවට මහත් අස්වැසිල්ලකි.

එහෙත් උද්ධමනය පහත වැටුන ද, භාණ්ඩ හා සේවා මිල ගණන් අඩුවී නොමැත.

සංඛ්‍යා ලේඛණවලට අනුව, අඛණ්ඩව තුන්වන මාසයටත් මෙරට උද්ධමනය අඩුවී ඇත. ඒ අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය දැක්වෙන්නේ 57 යි දශම 2 ක් ලෙසයි. නොවැම්බර් මාසයේ උද්ධමනය 61 යි දශම බිංදුවක් ලෙස දැක්විණ.

මෙලෙස මාසික උද්ධමනය පනහේ සීමාවට යළි පැමිණියේ මාස 05 කට පසුවයි.

එමෙන්ම දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ පැවති 73 යි දශම 7 සිට 64 යි දශම 4 දක්වා අඩුවී තිබේ.

මෙලෙස ආහාර උද්ධමනය හැටේ සීමාවට පැමිණියේ මාස 06 කට පසුව වීම විශේෂත්වයකි.

ජනතාව බලාපොරොත්තු වන්නේ උද්ධමනය අඩුවූ පමණින් වැඩිවූ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් ද පහත වැටෙනු ඇති බවට ය.

උද්ධමනය අඩුවීමෙන් අදහස්වන්නේ ජීවන වියදම පහත වැටීම ද?

නැත. එය සැමවිටම එසේ වන්නේ නැත.

lksdf

උද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීමබව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත්, වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යන නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළයාම නොවනබව වටහා ගැනීම වැදගත් වේ.

උද්ධමනය යනු ආර්ථිකයක සියලුම අංශවල කාලයක් පුරා සිදුවන මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරන සාමාන්‍ය සංසිද්ධියකි. එය සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම දැක්වීම සඳහා භාවිතා කරනු ලබන ආර්ථික විද්‍යාත්මක වචනයකි.

'අවධමනය' යනු සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීම යි. රටක සාමාන්‍ය මිල මට්ටම නිරූපනය කරනු ලබන ඕනෑම මිල දර්ශකයක් තුළින් උද්ධමනය/අවධමනය ඇස්තමේන්තු කළ හැකි ය.

උද්ධමනයේ පහළ වැටීමක් (සමහර අවස්ථාවල දී නිර්-උද්ධමනය නමින් හඳුන්වයි), පාරිභෝගික මිල ගණන්වල සාමාන්‍ය පහළ වැටීමක් පෙන්නුම් නොකරන බව වටහා ගැනීම වැදගත් ය. එයින් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමේ වේගය අඩුවීමකි. උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් ඉහළ යන අනුපාතය යි.

උදාහරණයක් ලෙස, එක් වසරක දී පැවති උද්ධමනය දෙවන වසරේ දී යම් තාක් ප්‍රමාණයකට පහත වැටුන ද, දෙවන වසරේ දී ද සියලුම භාණ්ඩවල හෝ යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ගණන් ඉහළ යා හැකි ය. සාමාන්‍ය මිල මට්ටමේ පහත වැටීමක් දැක්වෙන්නේ අවධමනයක දී පමණි.

උද්ධමනය අඩුවිය හැකි නමුත් භාණ්ඩවල මිල අඩු නොවනු ඇත. ඇතැම් භාණ්ඩ හා සේවාවන්ගේ මිල පහළට පැමිණිය හැකි නමුත්, බොහෝවිට සිදුවනු ඇත්තේ මිල ස්ථාවරව පැවතීම හෝ තවත් ඉහළ යෑම යි. එබැවින් සාමාන්‍ය මිල ගණන් පහත වැටීම ඉතා විරල ය.

ඒ අනුව උද්ධමනය යනු සාමාන්‍ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම යි. උද්ධමන අනුපාතය යනු මෙම වැඩිවීම සිදුවන අනුපාතය යි - වෙනත් වචනවලින් කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය වැඩි වන අනුපාතය යි.

cvxd

ඔබට මෙය තවම අපැහැදිලි නම්, උදාහරණයක් ලෙස අධිවේගී මාර්ගයක මෝටර් රථයක් ධාවනය කිරීම ගැන සිතන්න. ඔබ ගමන ආරම්භ කළ ස්ථානයේ සිට ගමන් කළ දුර පාරිභෝගික මිල දර්ශකය ලෙස සිතන්න. මෙම සන්දර්භය තුළ, උද්ධමන අනුපාතය යනු වේග මාපකයේ දැක්වෙන වේගයේ අගය යි.

50%ක උද්ධමන අනුපාතයක් යනු පාරිභෝගික මිල දර්ශකය ඉහළ යයි. එසේ මිල දර්ශකය ඉහළ යන අනුපාතය වසරකට 50%කි.

දැන්, මෝටර් රථය පැයට කිලෝමීටර 20 දක්වා මන්දගාමී වුවත්, තවමත් එය ඉදිරියට ධාවනය කරයි (= උද්ධමනය 20% දක්වා පහත වැටුණත්, පාරිභෝගික මිල දර්ශකය තවමත් ඉහළ යයි).

සරලව කිවහොත්, පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමේ වේගය අඩු වී ඇතත්, පහත වැටී නොමැත. එය දිගින් දිගටම ඉහළ යමින් පවතියි. සිදුවී ඇත්තේ එහි වේගය අඩුවීම පමණි. මෝටර් රථය පැයට කිලෝමීටර 20ක වේගයකින් ධාවනය කරනවා යනු, පාරිභෝගික මිල දර්ශකය වසරකට 20%කින් ඉහළ යෑම යි.

ඔබ මෝටර් රථය නවත්වන්නේ නම්, එවිට ඔබේ වේගය පැයට කිලෝමීටර 0කි. එනම් උද්ධමනය 0% දක්වා පහත වැටේ. මෝටර් රථය එක තැන පවතියි. මෙවැනි අවස්ථාවක දී පාරිභෝගික මිල දර්ශකය ස්ථාවරව පවතින නමුත් පහළ නොයයි (= පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමේ අනුපාතය වසරකට 0% වේ).

එමගින් පෙන්නුම් කරනුයේ, උද්ධමනය බිංදුවට වැටුණත් පාරිභෝගික මිල දර්ශකය පහළ නොවැටෙන බව යි. පාරිභෝගික මිල දර්ශකය පහළ වැටීම සඳහා උද්ධමන අනුපාතය සෘණ විය යුතුය. එය අවධමනය ලෙස හැඳින්වේ.

අවධමනය යනු උද්ධමනයේ ප්‍රතිවිරුද්ධය, එනම්, සාමාන්‍ය මිල මට්ටම්වල අඛණ්ඩ පහළ වැටීම යි.

අධිවේගී මාර්ගයක, පැයට කිලෝමීටර 10ක වේගයෙන් වාහනය පසුපසට යනවායැ යි සිතන්න. මෙය, පාරිභෝගික මිල දර්ශකය පහළ වැටීමට සමාන කළ හැකි ය. එය වසරකට 10%කින් පහත වැටේ.

zxcdf


අවධමනය හොඳයි ද?


අවධමනය යහපත් බව පෙනුන ද එය ආර්ථිකයට ඉතා අහිතකර ය. ඒ, මිල ගණන් දිගින් දිගටම පහත වැටෙමින් පවතින නිසා ජනතාව තම භාණ්ඩ හා සේවා පසුව අඩු මිලට මිල දී ගැනීමට සිතා, තම මිලදී ගැනීම් ප්‍රමාද කිරීම හේතුවෙනි.

එමඟින් වියදම් පහත වැටේ. නිෂ්පාදකයින් නිෂ්පාදනය අඩු කරයි. විරැකියාව ඉහළ යයි. මේනිසා අර්ථික ක්‍රියාවලිය අඩපණ වී ආර්ථිකය කඩාවැටීමට ලක්විය හැකි ය.

පළමු උදාහරණයම ගතහොත්, අධිවේගී මාර්ගයක වාහන පිටුපසට ගමන්කිරීම නොකළ යුතුබව පැවසිය හැකි ය. සමබරතාව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.


උද්ධමනය මනින්නේ කෙසේ ද?

උද්ධමනය මනිනු ලබන්නේ පාරිභෝගික මිල දර්ශකය භාවිතා කරමිනි. පාරිභෝගික මිල දර්ශකය යනු යම්කිසි නියෝජිත භාණ්ඩවලින් සමන්විත 'කූඩයකි'. මාසික පාරිභෝගික මිල දර්ශක අගය, එනම්, මෙම 'කූඩයේ' මුළු පිරිවැය, උද්ධමන අනුපාතය ගණනය කිරීමට භාවිතා කරයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට භාවිත කරන පාරිභෝගික මිල දර්ශකයක් වන්නේ 'කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI)' ය. අනෙක 'ජාතික පාරිභෝගික මිල දර්ශකය' යි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ජීවත්වන, ආදායම අනුව පහළම 40% කාණ්ඩයට අයත් සාමාන්‍ය කුටුම්භයක් විසින් පාරිභෝජනය කරන භාණ්ඩ හා සේවා පැසක මුළු පිරිවැය 1952 දී රුපියල් 200ක් විය. එම භාණ්ඩ පැසෙහි වටිනාකම 2002, 2003 සහ 2004 දී පිළිවෙලින් රුපියල් 6,424ක්, රුපියල් 6,830ක් සහ රු. 7,347ක් විය. මේ වන විට පාදක වර්ෂය 2013 ලෙස ගෙන ඇති අතර එම භාණ්ඩ පැසෙහි වටිනාකම රුපියල් 60,364.73කි.

zxcsd



උද්ධමනය පාලනය කළ හැකි ක්‍රියාමාර්ග කවරේ ද ?

උද්ධමනයට බලපාන සාධක ගණනාවක් පවතින හෙයින්, විශේෂයෙන් කෙටි කාලයේ දී උද්ධමනය පාලනය කිරීම සඳහා ගතයුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග උද්ධමනයට හේතුවූ ප්‍රභවය මත රඳා පවතියි.

පොදුවේ පිළිගනු ලබන්නේ, කෙටි කාලයේ දී ප්‍රධාන වශයෙන් සැපයුම් පාර්ශවයේ සාධක හෝ ව්‍යුහාත්මක ගැටලූ තුළින් උද්ධමනය ඇතිවන බව යි. එබැවින්, ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන්හි අවධානය යොමුවිය යුත්තේ එබදු ගැටළු සඳහා මෙන්ම නිෂ්පාදනය පුළුල් කිරීම ද සඳහා ය.

ආර්ථික වර්ධනය දිරි ගැන්වීමේ දී ඵලදායීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වන අතර, එයට හේතුව වේගවත් වර්ධනය තුළින් ජනිත වන ඉහළ ආදායම තුළින් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ නංවන පිරිවැයෙන් තල්ලුවන සාධක තුළින් ඇතිවිය හැකි උද්ධමනකාරී පීඩන වැළැක්වීම අවශ්‍යවීම යි.

කෙසේ වුව ද, දීගුකාලීනව, උද්ධමනය මූලික වශයෙන් මුදල්මය ප්‍රපංචයක් වන හෙයින්, උද්ධමනය පාලනය කිරීමෙහිලා සුදුසු මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් මූල්‍ය ප්‍රසාරණය යෝග්‍ය මට්ටමකට ගෙන ඒම සඳහා මහ බැංකුවට ප්‍රමුඛ කාර්යභාරයක් හිමි වේ.

බොහොමයක් රටවල අත්දැකීම් තුළින් පැහැදිලි වී ඇත්තේ, මිල පාලනය තුළින් උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කිරීම තිරසර විසදුමක් නොවන අතර, තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමටත්, ඇතැම් විට අල්ලස් හෝ ගාස්තු ගෙවීමට සිදුවීමත් නිසා සමස්තයක් ලෙස ඉහළ මිලක් ගෙවීමට මහජනයාට සිදුවන බව ය. තව ද, භාණ්ඩ හිඟය හරහා කළුකඩ වෙළෙඳපොළක් නිර්මාණයවීම ද සිදුවේ. මේවා ආර්ථිකයට සිදුවන සමස්ථ අලාභයන් (මෙය මලානික පිරිවැය dead-weight-loss ලෙස හැඳින්වේ) වන අතර, ඒවා දිගුකාලීන ආර්ථික වර්ධනය ද අඩපණ කරයි.

එනිසා අධික මුදල් ප්‍රසාරණය තුළින් ඇතිවන උද්ධමනය, මුදල් ප්‍රසාරණය පාලනය කිරීම තුළින් තිරසාර ලෙස මැඬපැවැත්විය යුතු අතර, විශේෂයෙන්ම ඵලදායීතාව වර්ධනය කිරීම තුළින් රටේ නිෂ්පාදනය ඉහළ දැමිය යුතුවේ.

මෙම කාර්යයේ දී, අනුපූරක ප්‍රතිපත්ති වශයෙන් වඩාත් යෝග්‍ය අයවැය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මිල ස්ථායිතාවය ළඟාකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දියුණුවෙමින් පවතින රටවල දැකිය හැකි පරිදි රජය විසින් අධික ලෙස ණය ගැනීම හේතුවෙන් (එනම් ඉහළ අයවැය හිඟයන්ගේ ප්‍රතිඵලයක් ලෙස) මුදල් අධික ලෙස ප්‍රසාරණය වෙමින් පැවතීම නිසා ය.

මේ වන විට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 1.17ක් මුදල් මුද්‍රණයකර ඇති බව මහ බැංකු දත්ත පෙන්නුම් කරන අතර ආර්ථික විශේෂඥයන් පවසන්නේ මෙසේ ඵලදායී නොවන ලෙස, එදිනෙදා රජයේ වියදම් පියවා ගැනීම පිණිස පමණක් ඉතා විශාල ප්‍රමාණයෙන් මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය වැඩිවීමට මෙන්ම ආර්ථිකය කඩා වැටීමට ද හේතුවිය හැකි බවකි.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය

)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්