ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අභියස පවත්වන පරිත්‍රාණ ධර්මදේශනය හා ආලෝක පූජාව ඊයේ (31) රාත්‍රී සිදු කෙරුණි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක යුවලට පිං පතමින් හා රටට සෙත්පතා වාර්ෂිකව මෙම පුණ්‍යකර්මය පැවැත්විණි.

එම අවස්ථාවට ශ්‍රීලනිප හිටපු නායකයකු වන මහින්ද රාජපක්ෂ එක්ව සිටීම විශේෂත්වයකි. ඊයේ (31) රාත්‍රීයේ කතරගම කිරිවෙහෙර අභියස පැවති විදුලි ආලෝක පූජාව විවෘත කළේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධූර හොබවන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද ඊට එක්ව සිටියේය.

මෙම පිංකම සංවිධානය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර හා අමාත්‍ය මහින්ද අමරවීර අතර පසුගිය දින කිහිපයේ බරපතල මත ගැටුමක් සිදුවිය.

{gallery}31stslpp{/gallery}

 
JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්