රට බරපතල ආර්ථික අර්බුදයක ගිලි සිටීම දඩමීමා කරගනිමින් ටෙන්ඩර් පටිපාටියෙන් (ප්‍රසම්පාදන) තොරව

ණය පදනමින් ඖෂධ, ගල්අඟුරු, ඉන්ධන ආදී රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට යන බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික විගණන කාර්යාල ආරංචිමාර්ග පවසයි.

අත්පිට මුදලට මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබීම ඊට හේතු වී ඇතැයි පැවසේ.

ඒ අනුව මාස තුන හතරක සහන කාලයක් ලබාගෙන පසුව මුදල් දෙන පොරොන්දුව මත මෙම ද්‍රව්‍ය ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි ද විගණන නිලධාරීහු කියති.

මෙතෙක් කලක් නිසි ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කරමින් කළ ගනුදෙනුවලදී රුපියල් කෝටි ගණන් මූල්‍ය අවභාවිතා සිදුවී තිබෙන බවට රජයේ විගණකාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත. නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර විවිධ පාර්ශ්වවලින් අදාළ ගනුදෙනු සිදු කළහොත් වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා විශාල ලෙස ඉහළ යන බව විගණන නිලධාරීහු කියති.

ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවී ඇති බවට කියන අක්‍රමිකතාව මීට කදිම උදාහරණයක් යැයිද විගණන නිලධාරීහු පෙන්වා දෙති. රට මොන තරම් ආර්ථික අර්බුදයක ගිලී තිබුණත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර අදාළ ගනුදෙනු නොකළ යුතු බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.

(divaina.lk)

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්