මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා පත් කර තිබේ.

භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා, දේශීය සහ ජාත්‍යාන්තර බැංකුවල වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීන බැංකුකරුවෙකි.

ඔහු කලක් ස්ටෑන්ඩ්ර්ඩ්  චාටඩ්  බැංකුවේ සහ ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සේවය කර තිබේ.

 
මහජන බැංකුවේ දැනට සේවයේ නියුතු ඇතැම් ඉහළ නිළධාරීන් මෙම පත්කිරීමට විරෝධය පළකොට තාවකාලිකව සේවයෙන් ඉවත්වීමට තීරණය කොට තිබුණද ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මැදිහත්වීමෙන් ඔවුන් එම විරෝධය තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තාවේ.
 
භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා දේශීය සහ ජාත්‍යාන්තර බැංකුවල වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීන බැංකුකරුවකු වුවත්, මහජන බැංකුවේ සේවය හරහා වක්‍රාකාරව රහස්‍ය මූල්‍ය ගණුදෙනුවල සංවේදී තොරතුරු ඔහු හරහා පුද්ගලික බැංකුවලට ලැබුණහොත් එම බැංකු අනිසි ප්‍රතිලාභයන් ලබාගන්නා බවට මහජන බැංකුවේ ඇතැම් ඉහල නිලධාරීන් අනතුරු අගවා තිබිණ.

ස්ටෑන්ඩ්ර්ඩ් චාටඩ් බැංකුව සහ ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ ඉහළ තනතුරු හෙබවමින් සිටින ඔහු ඒවායින් තාවකාලිකව ඉවත් වී මහජන බැංකුවේ සේවයට පැමිණ තිබෙන නිසා එම අවධානම තවත් ඉහළ යන බව ඔවුන් පෙන්වා දී තිබිණ.

කෙසේ වෙතත් මීට ඉහත අවස්ථා කිහිපයකදී ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය සේවා කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රධාන කමිටු කීපයක සාමාජිකයකු ලෙස ෆොන්සේකාගේ සේවය ලබාගෙන තිබුණි.

මෙවැනි පත්කිරීම් විනිවිධභාවයකින් සිදුකිරීමට මූල්‍ය කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ නම් මෙවැනි ගැටළු පැනනොගනින බව CARBON NEWS මාධ්‍ය ඒකකයේ අදහස වී ඇත.
JW
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්