විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත්

පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඔහු එබව කියා සිටියේ, කොළඹදී ඊයේ (01) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව කී රත්නායක, ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව කී ජනක රත්නායක, කෙසේ වෙතත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද වැඩි දුරටත් කීය.


විදුලි බිල සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට


විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (02) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ලබාදී ඇති යෝජනාවලට අනුව කප්පාදුවකින් තොරව මෙම වසරේ විදුලිය ලබාදීම මෙම විදුලි ගාස්තු සංශෝධනයේ අරමුණ වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසිය.

ඒ අනුව 2023 වසරේ විදුලි උත්පාදන වියදමට සරිලන ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේය.





මෙම සංශෝධනය හරහා විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න ඉකුත් දා පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේය.

ඒ අනුව රුපියල් 29 යි ශත 14 ක්ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 48යි ශත 42ක් දක්වා ඉහළ යනු ඇත.

මෙලෙස වැඩිවන විදුලි බිල ජනවාරි මස බිල්පතේ සිටම විදුලි පාරිභෝගිකයින්ට ගෙවීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර සඳහන් කර තිබිණ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්