ලංකා බැංකුවේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කර ඇත.

ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි.

ඔහු මිට ඉහතදී ද වසර හතර හමාරක කාලයක් ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ලංකා බැංකුවේ සභාපතිව සිටි කාංචන රත්වත්තේ ගේ ධුර කාලය පසුගිය දෙවෙනිදා අවසන්විය. ඒ අනුව ඔහුට සේවා දිගුවක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබී ඇත.

ඒ අනුව සේවා දිගුවට අදාල ලිපිය අද දිනයේ දී ලබාදෙන බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබියදී අද පස්වරුවේ රොනල්ඩ් පෙරේරා එකී තනතුරට පත්කර තිබීම පොහොට්ටුවේ ප්‍රබලයින්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ ගේ සේවා කාලයද අවසන්ව තිබුන ද ඔහුට සේවා දිගුවක් ලබා දී ඇත.

රොනල්ඩ් පෙරේරා කළින් පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ අධිකරණ, ඉඩම්, විද්‍යා තාක්ෂණ අමාත්‍ය ධුරය දැරූ නැසීගිය ජනාධිපති නීතීඥ පෝල් පෙරේරා ගේත්, බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපතිනිය වූ කුලසීලී පෙරේරා ගේත් පුත්‍රයෙකි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු වන රොනල්ඩ් පෙරේරා මේවනවිට ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙන්ම, ජාතික රක්ෂණ සංස්ථාවේ ද සභාපති ලෙස ද කටයුතු කරයි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්