මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එක මතයකට එන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙත

දැනුම්දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා හමුවිය.

පළාත් පාලන මැතිවරණය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් එම සාකච්ජාවේ දී මත හතරක් දැරීම පිළිබඳ එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා, ''පළමුව ඔබ සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන්න '' කියා දැනුම් දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.



කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති බව මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, කොමිසමේ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද පවසා තිබේ. අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද ලිඛිතව විමසීම් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ද දැනුම් දී ඇත.  ඒ සඳහා නීතිමය සහයෝගය ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.



නීතිපතිවරයා එහිදී දන්වා ඇත්තේ, නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැතිය යුතු පසුබිම පිළිබඳ වන තත්ත්වයන් තමා වෙත දැනුවත් කරන ලෙසත්, මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳ යම් නීතිමය ගැටලුවක් ඇතොත් එය විමසීමට අවශ්‍ය වන්නේ නම් සෘජුවම තමා වෙත දන්වා එවන ලෙස ත් ය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත 4ක් දැරීම හේතුවෙන් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්