ගාලුමුවදොර අරගල ක්‍රියාකාරිකයකු වන රන්දිමාල් ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.



අරගලය පැවති සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවී එහි දේපළවලට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඩුබායි හි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී පොලීසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගත්තේය.

පසුව කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් හමුවට ඉදිරිපත් කළ අතර එහිදී පොලීසිය හා විත්ති පාර්ශ්ව නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කළේය.

පැමිණිල්ල නැවත ලබන 09 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණි.


වසන්ත මුදලිගේ ජනවාරි 13 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට


wasantha


මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (ජනවාරි 05 වැනිදා) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, එළඹෙන ජනවාරි 13 වැනිදා දක්වායි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේ වසන්ත මුදලිගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කරන ලදි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පසුගිය වසරේ මැයි මාසයේ කොටුව බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයකිදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා ඔවුන්ට අයුතු අවහිරයන් කළ බවට වසන්ත මුදලිගේට චෝදනා එල්ල වී තිබේ.

පොලිස් මාර්ග බාධක කඩා බිඳ දමා ඊට දැඩි අලාභ හානි කර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වන ලදි.

ඒ අනුව ඔහුට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ අතර පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි සහ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ වරෙන්තු නිකුත් කළේය.

ඒ, නඩුවකට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

පසුගිය වසරේ ජුනි මාසයේ කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයකදී කළහකාරී ලෙස හැසිරීම ඇතුලු චෝදනා මත එම නඩුව පවරා තිබේ.

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්