මේවා පැය විසි හතරක් තුළ පිළිසකර කිරීමේ ක්‍රමවේදයක් අධිකරණ අමාත්‍යාංශය හඳුන්වාදී ඇතත් අධිකරණ සංකීර්ණයේ විදුලිය ඇතුළු සෙසු පහසුකම් නොමැතිවීමෙන් එම නඩු පොත් විනාශ වීමේ අනතුරක් හටගෙන ඇති බව නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසියම් විකල්ප ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් ඉදිරියට මහනුවර දිසා අධිකරණ කටයුතු පවත්වාගෙන යාම බරපතල අර්බුදයක් වනු ඇතැයි දැනගන්නට තිබේ.
මහනුවර දිසා අධිකරණයට අමතරව මහියංගනය, නිට්ටඹුව, වැලිමඩ ආදී ප්‍රාදේශීය අධිකරණ ගණනාවකටද පරපතල හානි සිදුවී ඇතත් එම හානි පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තාවි නොමැත.




