The Leader News
BREAKING
Top Ad
පුවත්

මහා ශිව රාත්‍රී දිනය අදයි (15)

T

The Leader Desk

February 15, 2026 • 4:29 AM

මහා ශිව රාත්‍රී දිනය අදයි (15)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අදයි.
  • ලොව බලවත්ම දෙවියා පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයා හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි, ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කිරණයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසුවේය.
  • ඒ අනුව ලොව බලවත්ම දෙවියන් ශීව දෙවියන් බවට පත්වූ බව හින්දු බැතිමතුන් විශ්වාස කරයි.
  • ‍හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ අසිරිමත් දිනය අදයි.

ලොව බලවත්ම දෙවියා පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයා හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි, ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කිරණයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසුවේය.

සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ සිසාරා පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනීමට නොහැකි විය.

ඒ අනුව ලොව බලවත්ම දෙවියන් ශීව දෙවියන් බවට පත්වූ බව හින්දු බැතිමතුන් විශ්වාස කරයි.

‍හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනයයි.

මේ අනුව හින්දු බැතිමතුන් අද (15) රාත්‍රීයේ  සිට හෙට (16) උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රීය සමරනු ලබයි.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයි.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම විශේෂත්වයකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...