(Strait of Hormuz) නෞකා ගමනාගමනය අඩාල වීම ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ.
මෙම අර්බුදය හමුවේ භාණ්ඩ මිල ඉහළ යාමෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි BBC Verify පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.
දෛනිකව නෞකා 100කට අධික සංඛ්‍යාවක් ගමන් කළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගමනාගමනය මේ වන විට අතලොස්සක් දක්වා පහත වැටී ඇති බව BBC Verify වාර්තා කරයි.
මේ හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමට අමතරව ස්මාර්ට්ෆෝන්, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ගෝලීය කෘෂිකර්මාන්තයට අවශ්‍ය යූරියා, පොටෑෂ්, ඇමෝනියා සහ පොස්ෆේට් වැනි පොහොර අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් (1/3) පමණ සාමාන්‍යයෙන් ප්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහාය.
මාර්තු සහ අප්‍රේල් මාස උතුරු අර්ධ ගෝලයේ ප්‍රධාන වගා සමයන් වන බැවින්, පවතින පොහොර හිඟය වසර අග භාගයේ බෝග අස්වැන්න අඩු වීමට සෘජුවම බලපානු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
තිරිඟු මිල 4.2%කින් සහ පලතුරු හා එළවළු මිල 5.2%කින් ඉහළ යා හැකි බව ...
එමෙන්ම, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දැමුවහොත් ගෝලීය තිරිඟු මිල 4.2%කින් සහ පලතුරු හා එළවළු මිල 5.2%කින් ඉහළ යා හැකි බව ජර්මනියේ Kiel පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.
Kiel ආයතනයේ දත්තවලට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් භාණ්ඩ මිල වැඩියෙන්ම ඉහළ යා හැකි රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ දෙවන ස්ථානයේය.
සමස්ත ආහාර මිල ඉහළ යාම අනුව වඩාත් ම දරුණු ලෙස බලපෑමට ලක් වන රටවල් ලෙසින්, සැම්බියාව (30.7%), ශ්‍රී ලංකාව (15.3%), තායිවානය (12.5%), පාකිස්ථාන (11.4%)ක් ලෙස දැක්වේ.
මූලාශ්‍ර :
Sri Lanka among most vulnerable nations in event of Strait of Hormuz shutdown, study warns
The Cost of Closing the Strait of Hormuz: Energy Bottlenecks and Global Food Security




