The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් සපිරේ

T

The Leader Desk

October 27, 2025 • 5:56 AM

කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් සපිරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැලණිය විශ්වවිද්‍යාලය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන නමින් 1875 දී කැලණිය, පෑලියගොඩ පිහිටවනු ලැබිණි.
  • එතැන් සිට වසර 100 කට ආසන්න කාලයක් පිරිවෙනක් ව පැවති මේ ආයතනය 1957 අංක 45 දරන විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත අනුව 1959 ජනවාරි 01 දින සිට විශ්වවිද්‍යාලයක් බවට පත්කෙරුණු අතර ඒය ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස නම් කෙරිණි.
  • මෙහි දී එවකට විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ මේ අභිනව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කරන ලදී.
  • පසුව 1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල එක ම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අවස්ථාවේ දී 1972 පෙබරවාරි 15 වන දා සිට මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


කැලණිය විශ්වවිද්‍යාලය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන නමින් 1875 දී කැලණිය, පෑලියගොඩ පිහිටවනු ලැබිණි. එතැන් සිට වසර 100 කට ආසන්න කාලයක් පිරිවෙනක් ව පැවති මේ ආයතනය 1957 අංක 45 දරන විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත අනුව 1959 ජනවාරි 01 දින සිට විශ්වවිද්‍යාලයක් බවට පත්කෙරුණු අතර ඒය ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස නම් කෙරිණි.

මෙහි දී එවකට විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ මේ අභිනව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කරන ලදී.

පසුව 1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල එක ම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අවස්ථාවේ දී 1972 පෙබරවාරි 15 වන දා සිට මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ සිදු වූ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ව්‍යුහය සංශෝධනයේ දී යථෝක්ත මණ්ඩපය කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව ලෙස නැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලදී.

1957 පනත අනුව ආරම්භයේ දී ගිහි පැවිදි ශිෂ්‍යයින් පමණක් මෙම ආයතනයට ඇතුළත් කරගනු ලැබූ අතර 1966 අංක 20 දරන ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීමත් සමඟ ශිෂ්‍යවන්ටද මේ සඳහා ඇතුළත් වීමට හැකි විය.

ආරභයේ දී පෑලියගොඩ පිරිවෙන් භූමියේ ම පිහිටවනු ලැබූ මෙම විශ්වවිද්‍යාලය ඉඩකඩ මඳ වීමේ ගැටලුව නිසා වර්තමානයේ විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙන භූමි භාගයට 1975 වන විට ගෙන එන ලදී. 1959 ආරම්භක අවස්ථාවේ දී එය ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර, භූගෝල විද්‍යාව, බෞද්ධ අධ්‍යයන හා දර්ශනය, ආර්ථික විද්‍යාව, ගණිතය හා අධ්‍යාපන විද්‍යාව වැනි විෂය කීපයකට සීමා වුවද, අද වනවිට මානවශාස්ත්‍ර, විද්‍යා, සමාජීය විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන වශයෙන් හැඳින්වෙන පීඨ 6 කින් හා අධ්‍යයන අංශ 48 කින් සමන්විත මුල්පෙලේ විශ්වවිද්‍යාලයක් බවට පත් වී ඇත.

eert66yuiiop
(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...