ආර්ථීක අහේනියෙන් ගොඩ ඒම සඳහා රාජ්‍ය දේපල විකුණා දැමීමට අර අඳින ශ්‍රී ලංකාවට ආධාර ලැබීම වලක්වා ඇත්තේ

රටේ ණය ගෙවීම සම්බන්ධ සාකච්ඡාවලදී බලසම්පන්න ජාත්‍යන්තර ධන කුවේර ආයෝජකයන් දැඩි බාධාකාරී මතයක් දැරීම නිසා බව ලෝකය පුරා විසිරී සිටින ආර්ථික හා සංවර්ධන විශේෂඥ සමුහයක් විසින් අනාවරණය කර තිබේ.

 ජාත්‍යන්තර ජනමාධ්‍ය ආයතන වෙත යවන නිවේදනයකින් එම විශේෂඥයන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත සකස් කරගැනීමට නම් බරපතල අන්දමින් ණය කපා හැරිය යුතු බවයි. එම ලිපියේ සඳහන් පරිදි ගෝලීය ණය අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ ඇති කැපවීම පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව උරගලක් වනු ඇත.

“භූ දේශපාලනික උපක්‍රම පසෙකලා, ශ්‍රී ලංකාව ණය දී ඇති සියල්ලන් කළ යුත්තේ වර්තමාන අර්බුදයෙන් ගොඩ යාමට ප්‍රමාණවත් වන පරිදි ණය කපා හැරීමයි,” යන්න ඔවුන්ගේ නිර්දේශයයි.



ජාත්‍යන්තර ආර්ථික විශේෂඥ ආචාරිණී ජයාති ඝෝෂ්, පැරිස් ආර්ථික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තෝමස් පිකටි සහ ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය යානිස් වරුෆාකිස් ඇතුළු 182ක් අත්සන් තබා ඇති එම ලිපිය පවසා ඇත්තේ ණය සම්බන්ධ එකඟතාවකට එළැඹීමට බාධා පමුණුවන්නේ ආයෝජක සමාගම් ඇතුළු පුද්ගලික අංශයේ ණයකරුවන් බවයි.



 “ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධ සාකච්ඡා දැන් තිබෙන්නේ තීරණාත්මක අදියරකය,” යි නිවේදනයේ සඳහන් වෙයි. “ඉක්මනින් තවත් මුදල් ලබා දීමේ සහතිකයක් සපයමින් ද්විපාර්ශවික, බහු පාර්ශවික හා පුද්ගලික ආදී සියලු ණය හිමියන්  ප්‍රතිව්‍යූහකරණයේ බර දැරිය යුතුය.”

ශ්‍රී ලංකාවේ විදේශ ණය කන්දරාවෙන් 40%ක් පමණ අයිති වන්නේ පුද්ගලික ණය හිමියන්ටයි. ඉන් වැඩි කොටසක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙයි. ඒවායේ ඉහල පොලී අනුපාත නිසා විදේශීය ගෙවුම්වලින් 50% කට වඩා ඔවුන් අතට පත්වන බවට විශේෂඥ සමූහය තර්ක කරයි.

“එවන් ණය හිමියෝ ශ්‍රී ලංකාවට ණය දීමේදී තමන් දරන අවදානම වලක්වා ගැනීම සඳහා ඉහල වාරිකයක් අය කොට දැවැන්ත ලාබයක් අත් කරගනිමින් ශ්‍රී ලංකාව පළමු වතාවට කළ 2022 අප්‍රේල් මාසයේ ණය නොගෙවා හැරීමට මග පෑදුවෝය. ‘අවදානම් වාරික’ මගින් ඉහල ලාබයක් ලබාගත් ණය හිමියන් එම අවදානමේ ප්‍රතිවිපාක විඳින්නටද ලැස්ති විය යුතුය.”

ආර්ථික අර්බුදය නිසා ණය නොගෙවා හල සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ පටන් ලංකාණ්ඩුව ඉන්දියාව, චීනය හා ජපානය ඇතුළු ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.



ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පොරොන්දු වී ඇති ඩොලර් බිලියන 2.9 ක ණය පොදිය ලැබෙනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ගෙවාගත හැකි මට්ටමක රඳවා ගන්නේ නම් පමණි. පුද්ගලික ණය හිමියන්ගේ දැඩි ස්ථාවරය නිසා ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත්තේ අවාසි සහගත ගනුදෙනුවක් බවට විශේෂඥ මණ්ඩලය බිය පල කරයි. 

 

 

 

 


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්