සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර ඊයේ පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදී

ශ්‍රී ලංකා නායක දසුන් ශානකට එරෙහිව ‘මන්කාඩ්’ දුවද්දී දැවී යාමේ අභියාචනයක් ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මාට ක්‍රිකට් ලෝකයේ වැඩි ගෞරවයක් හිමිව ඇත.

ගුවහාටි හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරය යවමින් සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි සිය පන්දු යැවීමේ අන්තයේ සිටි දසුන් ශානක ‘මන්කාඩ්’ දුවද්දී දැවී යාමකට හසුකර ගන්නා විට ඔහු ලකුණු 98ක් ලබා සිටියේය.

එම දැවීයාමේ ඉල්ලීම සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරයා තෙවන විනිසුරුවරයාගේ තීරණයට යොමු කිරීමත් සමග ඉන්දීය නායක රෝහිත් ෂර්මා සහ පන්දු යැවු මොහොමඩ් ෂාමි එම ඉල්ලීම ඉවත් කර ගනු ලැබිය.

ඉන් පසුව දසුන් ශානක සිය දෙවන එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර තරගය අවසානයේදී ඔහුට ඉන්දීය ක්‍රීඩකයින් සුබ පැතුම් එක් කර සිටියේය.

rs

කෙසේ වුවද තරගයෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මා මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා සිටියේය.

“අපිට එයාව එහෙම දවා ගන්න බෑ. අපිට ඕන උනේ එයාව දවා ගන්න. අපි හිතුවා එයාව දවා ගන්නවා කියලා, ඒත් ඒක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි.
නමුත් නැවතත්, ඔහුට සුභ පැතුම්, ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා." රෝහිත් ෂර්මා පැවසිය.

කෙසේ වුවද මෙම සිදුවීමේදී ඉන්දීය නායකයාගේ ක්‍රීඩාශීලිත්වය සම්බන්ධයෙන් සනත් ජයසූරිය ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැසසුමට ලක්ව ඇත.

' සැබෑ ජයග්‍රාහකයා දුවද්දී දැවී යෑම ප්‍රතික්ෂේප කළ රෝහිත් ෂර්මා ගේ ක්‍රීඩාශිලිත්වයයි. මම ඔබට ආචාර කරනවා' යනුවෙන් ට්විටර් පණිවිඩයක් තබමින් සනත් ජයසුරිය සඳහන් කර සිටියි.

sanath j

මේ අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ බොහෝ නායකයින් මෙවැනි දෙයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි නමුත් දුවද්දී දැවී යෑමේ ඉල්ලීම ඉල්ලා අස්කර ගනිමින් රෝහිත් ෂර්මා දැක්වූ ක්‍රීඩාශීලිත්වයට සැබෑ ලෙස ගරුකරන බවයි.

anji

ඉන්දියාව ලකුණු 67 කින් ජය ලබයි


කෙසේවුවද සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගුවහාටිහිදී ඊයේ (10) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 67 ක ජයක් ලැබීමට සමත් වූහ.

ලකුණු 374ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 306 පමණි.

ඉන්දියාව ඕවර 50 දී  කඩුලු 7 ට 373

(රෝහිත් ශර්මා 83 ශුබ්මන් ගිල් 70, විරාට් කෝලි 113, ලෝකේෂ් රාහුල් 39, කසුන් රාජිත 88/3)  

ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 8 ට 306


(පැතුම් නිස්සංක 72, චරිත් අසලංක 23, ධනංජය ද සිල්වා 47, දසුන් ශානක නොදැවී 108, මොහොමඩ් සිරාජ් 30/2, උම්රාන් මලික් 57/3)





(nethnews.lk)
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්