රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන ඇත.



ඒ අනුව විධායක නොවන රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනයේදී ගෙවීමටත්, විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප නියමිත දිනට දින කිහිපයක් පසුව ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමගින් ජනනය වන අදායම් රැස් කිරීම සඳහා යම් කාලසීමාවක් ගත වන බැවින් රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබේ.


අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන මුදල් සහනය තවත් දීර්ඝ කෙරේ


කෙසේවුවද, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන මුදල් සහනය තවත් මාස 5 කින් දීර්ඝ කර ඇත. ඒ සඳහා අමාත්‍ය අනුමැතිය ලැබී ඇත්තේ මැයි මාසයේ සිට එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා අදාල  මුදල් ලබාදීමටයි.

එම සහනය ලබා දීමට නියමිත වන්නේ නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ආරම්භ කරන තෙක්ය.

එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය සඳහා වන පනත් කෙටුම්පත් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්