පසුගිය දශක දෙකක කාලය තුළ අපේ ආනයන අපයනවලින් 7% ක් සඟවා ඇති බවත්, එසේ රටින් පිටමං කර ඇති ධනය රටේ සමස්ත ණය බරට සමාන බවත් 43 සේනාංකයේ නායක,

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකපවසයි.  

තේ,රබර්, පොල් වලට සීමා වී තිබෙන අපේ අපනයන ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ආ යුතුය. අපනයන විවිධාංගීකරණය වඩාත් වේගවත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමින් රණවක සඳහන් කළේ ය.

ඔහු තවදුරටත් මෙසේ පැවසිය.

“ජාත්‍යන්තර වෙළඳාමේ තිබෙන අගය මුලින්ම වටහා ගත්තේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමා සාමාන්‍යයෙන් කෘෂිකර්මයෙන් ඔබ්බට ගිහිල්ලා ආසියාවට ලෝකයට අපිව විවෘත කරලා මේ රට ධනයෙන් කරන්න කටයුතු කළා ජාත්‍යන්තර වෙළදාම හරහා. ඊට පස්සේ මේ ගැන නිශ්චිත අදහසක් පළ කළේ අපි කවුරුත් දන්න ඇඩම් ස්මිත් ඔහුගේ ‘ජාතීන්ගේ ධනය’ කියන කෘතිය ඔහු පෙන්වලා දුන්නේ ජාතියක් වෙන්න නම් ධන උත්පාදනයට නම් පිවිසෙන්න ඕනෙයි කියන එක. ජාත්‍යන්තර වෙළඳාමට පිවිසෙන්න ඕනෙයි කියන එක. ඒ අනුව බටහිර රටවල්, ආසියාවේ රටවල් පෘතුගාලයෙන් පටන් අරන් මේ ලෝකය පුරා ජාත්‍යන්තර වෙළඳාමෙන් ධනයෙන්, බලයෙන් වෙළඳාමට බැහැලා ධනයෙන් බලයෙන් වෙමින් ඉදිරියට යන බව.


 අපි 1956 සිට 1977 දක්වාම, අපි කවුරුත් දන්නවා ආනයන ආදේශක ආර්ථිකයක්, එහෙම නැත්නම් රට තුළ අපිට අවශ්‍ය බඩු භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කළා. 76 න් පස්සේ, මේ දක්වාම අපි අනුගමනය කරලා තියෙන්නේ ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායකගේ ඉඳන් අපනයන අභිමුඛ ආර්ථිකයක් භාණ්ඩ නිෂ්පාදනයට. මේක කොච්චර සාර්ථක වෙලා තියෙනවද? 1990 න් පස්සේ මේ රටේ අපනයන කළඹ දිහා අපි බැලුවොත් කිසිම වෙනසක් වෙලා නෑ. ඒ අනුව තමයි තාමත් අපි ඇඟලුම් කර්මාන්තයටයි, තේ, පොල්, රබර් වලටයි සීමා වෙලා තියෙන්නේ.

අලුත් ක්ෂේත්‍රවලට ලෝකයේ සීඝ්‍රයෙන් ගමන් කළත් අපි අපේ ඒ වෙනස්කම කරලා නෑ. ඒ විතරක් නෙවෙයි මේ මූල්‍ය ක්‍රියාවලියේ බරපතල ගැටළුවක් තිබෙනවා. මේ ගැටලුව මම 2016 ලියන ලද කෘතියක ‘මූල්‍ය අර්බුදය අභියස’ කියන කෘතියේ මම සඳහන් කළා. එදා අපි පෙන්නලා දුන්නා මේ කියන එකේ පෙන්නලා දීලා තියෙනවා ලංකාවේ ආනයන අපනයන ක්‍රියාවලියේ දී මේ  හරහා ආසන්නයෙන් වසරකට අපේ ආනයන අපනයන වලින් 7% ක් අදාළ ව්‍යාපාරික පන්තිය සඟවනවා. මේක තමයි මේ රටේ පසුගිය දශක දෙකක කාලය ඇතුළත ගත්තහම මේ රටේ සමස්ත ණය බර මේ ආකාරයට රටෙන් නීති විරෝධීව පිටමං කරපු ධනයට.


ඒ නිසා මේ ආනයන අපනයන ක්‍රියාත්මක කරන්න කලින් රේගු දෙපාර්තමේන්තුව ඒ වගේම අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ඇගයීමක්, විගණනයක් කළ යුතුයි. රටෙන් පිටට මේ විදිහට කරණය හරහා රටෙන් පිටතට ධනය ඇදීයාම වැළැක්වීමට. ඒ වගේම ඊටත් වඩා බරපතළ ප්‍රශ්ණයක් අපේ මහ බැංකුව හෙළිදරව් කරගත්තා. අපි ඔක්කොම හිතනවා අපි ඩොලර් බිලියන දොළහක එහෙම නැත්නම් දහයක අපනයන සිද්ධ කරනවා කියලා අපි ආඩම්බරයෙන් හිතන් ඉන්නවා. නමුත් මහ බැංකුව පසුගිය ජූලි මාසයේ ඉඳන් සිදු කළා යම් අධ්‍යයනයක්. මොකක්ද? කොපමණ ප්‍රමාණයක් මේ අපනයනය කරන අය ශ්‍රී ලංකාවට ගෙනල්ලා බැංකුවේ තැන්පත් කරලා ඒ අදාළ හය මාසෙට පස්සේ ඊළඟ මාසයේ ඇතුළත කාලය ඇතුළත රුපියල්වලට පරිවර්තනය කරනවද කියලා. කියන්න කණගාටුයි උත්තරේ කීයද? 23% යි.


අපි කවුරුත් හිතන් ඉන්න දැවැන්ත ඇඟලුම් ක්ෂේත්‍රයේ මේක 17% යි. තේ කර්මාන්තයේ මේක 42% යි. ඒ තේරුම මොකක්ද? රටේ එන මේ අපනයන ආදායමෙන් හතරෙන් එකයි රුපියල් බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. ශුද්ධ ආදායම අපි හිතනවාට වඩා ඉතාමත්ම අඩු අගයක්. මේක කාලාන්තරයක් තිබිච්ච ගැටලුවක්. කොහේද මේ ධනය නවතින්නේ? මොන ආනයන වලටද මේවා වැය කරන්නේ? මොකක්ද මේ හේතුව කියන එක අපි හොයන්න පටන් ගත්තේ අර්බුදයට ගිහිල්ලා සංචිත වෙලා රට බංකොලොත් වුණාට පස්සේ.

අපි වහාම මේ තත්ත්වය හඳුනාගෙන මේ රටේ අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. පළමුවෙන්ම අපනයන විවිධාංගිකරණය කළ යුතුයි. ඒ සඳහා තිබෙන වේගවත්ම මාර්ගය තමයි අපගේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. දැනට ඉතාම බරපතළ අර්බුදයකට මුහුණ දීලා තියෙනවා මේ ආර්ථික අර්බුදය නිසා. නමුත් සීඝ්‍රයෙන් වේගයෙන් වර්ධනය කරගන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඒ වගේම මෙතෙක් කල් අපි එකක් දෙකක් ඇර තේ කර්මාන්තය හා තවත් ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සන්නාම නිර්මාණය කරලා නෑ. අපි ජාත්‍යන්තර සන්නාම නිර්මාණය කරා ගමන් කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ තියෙන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විදේශ රටවල අපේ ආයතන ස්ථාපිත කරලා ඒ හරහා ඒ කලාපයේ ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම වැදගත්ම දේ දැනටමත් සිදුවෙමින් තියෙන අගයදාම, එහෙම නැත්නම් Value Chain වලට අපගේ නිෂ්පාදන කඩිනම් හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් අපි යොමු කරගත යුතුයි. මේ අර්බුද වලට කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් හැටියට මේවා ක්‍රියාත්මක කිරීමෙන් පමණයි අපට පුළුවන් වෙන්නේ මේ ඩොලර් අර්බුදය ජයගන්නට හා මේ ආර්ථික දැවැන්ත අර්බුදයෙන් ගොඩයන්න.


ඒ නිසා මේ සඳහා රේගු දෙපාර්තමේන්තුවේ ඒ වගේම අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, අපේ මුදල් අමාත්‍යාංශයේ, භාණ්ඩාගාරයේ විශේෂයෙන් මහ බැංකුවේ පූර්ණ ස්වයංක්‍රීය සහ පූර්ණ අවශ්‍යතාව දැන් මතුවෙලා තියෙනවා. මෙවැනි වංචනික ක්‍රියාවලියත්, ඒ වගේම එකතැන පල්වෙන අපනයන ක්ෂේත්‍රයත් ඉදිරියට ගලවාගෙන යාම සඳහා. ඒ සඳහා අපි හැමෝම එක අරමුණකින් ක්‍රියාත්මක වුණොත්, අපට මේ අර්බුදය ජයගත හැකිය කියන විශ්වාසය පළකරනවා.”

 
 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්