මෙරට සමාජය තුළ දිගු කාලීනව මුල්බැසගත් ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම වෙනුවෙන් 'සමාජ සාධාරණත්වය සඳහා වන කොමිසමක්' ස්ථාපනය කරන බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස සමස්ත මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කර  සිටියි.



ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලවේ දී ඊයේ 19) පැවති සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය අමතමිනි.

75 වන නිදහස් උත්සවය සැමරීමට ශක්තිමත් සහ සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සියලු ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඕනෑම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත විය යුතු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කිසිඳු ආගමක් වෛරී ආගමක් නොවන බව ද පැවසීය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අෂ්- ෂෙයික් එම්. අයි. එම් රිස්වි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ  සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

All Ceylon Jamiyyathul Ulama 7All Ceylon Jamiyyathul Ulama 5All Ceylon Jamiyyathul Ulama 4


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සියවැනි සංවත්සරය සමරන මේ අවස්ථාවේ එහි ආරම්භය පිළිබඳව සිහිපත් කළ යුතුයි.

1922 ආරම්භය, පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝකය විශාල පරිවර්තනයකට භාජනය වෙමින් පැවතියා. මුහම්මද් නබිතුමාගේ මරණයෙන් පසු සියවස් ගණනාව තුළ මුස්ලිම් ප්‍රජාව සහ එහි ආධිපත්‍යය යටතේ පැවති ඉඩම් සහ ජනතාව ඇතුළත් දේශපාලන-ආගමික රාජ්‍යය අහෝසි කිරීම එයට ඇතුළත් වෙනවා. ඒ වගේම එය ඉන්දියාවේ ස්ථාපිත කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් තිබුණා. නමුත් ලංකාවේ ඔබ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ආරම්භ කරනවා. එහි මුස්ලිම් චින්තනය මිස වාද විවාදයක් නැහැ.

ඉතින් එදා තිබු ඇතැම් ප්‍රශ්නවලට අදත් ඔබ මුහුණ දෙනවා. පළමුව, අප සිටින්නේ 1922 දී නොසිටී ජාතීන් 150ක් පමණ සිටින වෙනස්ම ලෝකයකයි. එමෙන්ම අප එළැඹ සිටින්නේ විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුව මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සංවර්ධනය සමඟම ඇති වූ වෙනස්ම සියවසකටයි. අපට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අනාගතය දෙස බැලීමට සිදුව ඇත්තේ මේ පසුබිම තුළයි.

 

පළමුව ඉස්ලාම් ආගම පමණක් නොවෙයි, සියලුම ආගම් බලන්නේ ආගමේ හරය කුමක්ද යන්නයි. ආගමේ නිර්මල අරුත කුමක්ද සහ අප නූතන ලෝකය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද කියලයි. ආගමේ හරය අතීතයට, වර්තමානයට සහ අනාගතයට සරිලන අයුරින් තිබිය යුතුයි.

 

හොඳ උදාහරණයක් තමයි බුදුදහම. බුදු රජාණන් වහන්සේ ගංගා ඉවුරුවල දේශනා කරන විට ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, එහි එක් පදනමක් වන බුදුදහම සහිත ජලාශ්‍රිත  ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට අපට හැකි වුණා. ගෞතම බුදුරදුන්ගේ කාලයේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය නොතිබුණත් අප එය පිළිගෙන ඊට අනුගත වුණා.


ඒ හා සමානව, අප සියල්ලන්ම වර්තමානයේ ජීවත් වෙමින් අනාගතය දෙස බැලිය යුතුයි. අපේ ආගමේ හරය කුමක්දැයි සොයා බැලීමට අතීතය ප්‍රයෝජනවත් වෙනවා. එනමුත් කිසිම ආගමක් වෛරී ආගමක් නොවිය යුතුයි. එය අනුකම්පා සහගත විය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඉස්ලාම් ආගම හෝ ක්‍රිස්තියානි හෝ වේවා ආගම් කිසිම ආකාරයකින් වෛරී විය නොහැකියි.
 
 
7f515d23abcefd21b5e346caf19725623e29db71
 
 
ක්‍රිස්තියානි ආගමේ ආකාරයට මෝසෙස්ව පිළිගැනීම සහ ක්‍රිස්තුස්වහන්සේව පිලිගැනීම මෙන්ම ඉස්ලාම් ධර්මයට අනුව නබිතුමාව පිළිගැනීම වෛරී ආගමක් නොවේ. එය ආගමික ප්‍රගතියක්. ඉස්ලාම් දහම මගින් මුහම්මද් නබිතුමා කළේ, එම පණිවිඩය තව දුරටත් ඉදිරියට ගෙන යාමයි. ඒ නිසා අපි කිසිම ආගමක් වෛරී ආගමක් බවට පත් නොකළ යුතුයි. නමුත් අපි එකට ජීවත් විය හැකි ආකාරය සහ එකිනෙකාගේ ආගම දෙස හරවත් ලෙස බැලිය යුතුයි.
 
 
සෑම ආගමක්ම උත්සාහ කරන්නේ එය අදහන අයට මෙන්ම අදහන්නේ නැති අයටද තම ආගම පිළිබඳ දේශනා කිරීමටයි. නමුත් ඒ ආගම අදහන්නේ නැති අයට නොඇදහිලිවන්තයන්ට දේශනා කිරීමෙන් අදහස් කරන්නේ ඔවුන් ඕනෑම ආගමක සතුරන් කියලා නෙවෙයි. සෑම ආගමකම දැන් බොහෝ ආරවුල් දකින්න ලැබෙනවා. එය ඉස්ලාම් දහමේ පමණක් නොව, අනෙක් ආගම්වලත් අනාගතය කුමක්ද යන්න පිළිබඳව විශාල වාද විවාද සහ සාකච්ඡාවක් සිදු වෙනවා.

හැම ආගමකම හින්දු ආගමේ වේවා, බුද්ධාගමේ වේවා ප්‍රශ්න මතුව තිබෙනවා. අපි සාකච්ඡා කරන්නේ ඒ මොකක්ද කියලා. එබැවින් අපි සියල්ලෝම මෙම ගැටලුවට මුහුණදී සිටිනවා. නමුත් අපි අපගේ මූලික මූලධර්මවලින් ඉවත් නොවිය යුතුයි.

ඒ නිසා අපි ඉස්ලාම් ආගමේ මෙන්ම බුද්ධාගමේ, හින්දු, ක්‍රිස්තියානි ආගම්වලත් අපේ ආගමේ හරය සෙවීමේදී එම ප්‍රතිපත්තිවලට ගරු කළ යුතුයි. එවගේම අද අපිට දැනෙනවා ආගම වාණිජකරණය වෙලා කියලා. ඔව් ඇතැම් විට ආගම පාවිච්චි කරලා තියෙන්නේ යුද්දෙට සහ වෛරයටයි. එයින් අදහස් කරන්නේ ආපසු අතීතයට ගොස් යුද්ධ ආරම්භ කරන්න කියා නෙවෙයි.

දෙවනුව ආගම ඊටම අනුගතවී නූතනත්වයට මග පෙන්විය යුතුයි. ඉස්ලාමීය සෞදි අරාබියට හෝ නබිතුමාගේ උපත සිදුවූ කාලයට ආපසු යා යුතු යැයි කියන අයට, බැග්ඩෑඩ් අගනුවර වූ ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ගැන මොකද කියන්නේ තියෙන්නේ කියල මම අහනවා.
 
 
තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ රාජධානි දෙස බලන්න, යුරෝපය ශිෂ්ඨාචාරගත කිරීමට උපකාර වූ අයිබීරියානු අර්ධද්වීපයේ හෝ ස්පාඤ්ඤයේ මුස්ලිම් රාජධානි දෙස බලන්න. ඔටෝමාන් අධිරාජ්‍යයේ අතිවිශිෂ්ට සුලෙයිමාන් දෙස බලන්න. ඔබ ඔහුව ප්‍රතික්ෂේප කරනවාද? අපේ කලාපයේ පවා, අක්බර් අධිරාජ්‍යයා සහ ඔහු කලාප එකතු කිරීමට උත්සාහ කළේ කොහොමද? ඔහුව අනුගමනය කරමින් ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ සන්ධිස්ථානය ගැන ඔහුගේ මුණුපුරා කතා කළා. අපි එය ඉන්දු-පැසිෆික් ලෙස හඳුන්වනවා. නමුත් ඔහු කීවේ එය නොවේ. ඔහු අදහස් කළේ සාගර දෙකක එකමුතුව නොව හින්දු ආගමේ සහ ඉස්ලාම් ආගමේ එකමුතුව ගැනයි. එබැවින් ඔහු පැවසූ දේ පවා ගැටුමට මුල පිරුවේ එය වෙනත් ආකාරයකින් භූ දේශපාලනයට ඇඳෑ ගත් නිසයි.
 
 
ඔබ නූතනත්වය පිළිගෙන ඉදිරියට යනවාද? ආගම් එය කළ යුතුයි. ඔබට එය වෙනස් කළ හැකි මාර්ගයක් නෑ. ඉස්ලාම් ආගම සෞදි අරාබියේ ආරම්භ වූණත්  එහි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව සිටින්නේ ඉන්දුනීසියාව, පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් පිහිටි දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බව කවුරුත් පිළිගත යුතුයි. 

 

4514399

බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙකු ලෙස හින්දු ජාතිකයෙකු පත් වීම සහ ලන්ඩනයේ නගරාධිපතිධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත්වීම..
 
 
ඒ වගේම දැන් පවා ඔබට පෙනෙනවා වෙනස්කම් නිසා ලෝකයේ සියලුම රටවල ඇතිවී ඇති ගැටුම් පිළිබඳව. අපි දැන් බටහිර ශිෂ්ටාචාරය පිළිගෙන ඉවරයි. හොඳම උදාහරණය නම්, බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙකු ලෙස හින්දු ජාතිකයෙකු පත් වීම සහ ලන්ඩනයේ නගරාධිපතිධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් නියෝජනය කරන්නේ බටහිර සංස්කෘතීන් මිස හින්දු හෝ මුස්ලිම් සංස්කෘතීන් නොවේ. ඉතින් මේවා තමයි නූතනත්වය පිළිබඳ අද අපට පෙනෙන්න තිබෙන හොඳම උදාහරණ.

තුර්කියේ කෙමාල් අතාටර්ක්ගේ, ඊජිප්තුවේ ගමාල් නසාර් කළ දේ අපි ප්‍රතික්ෂේප කළ යුතුද? ඒවගේම ජනාධිපති සුකර්නෝ දූපත් 400 ක් එකතු කර ඉන්දුනීසියාව ඇති කළේ කෙසේද? බෝරෝබුදුර් සහ රාමායනයේ ජයග්‍රහණ මතකයේ තබා ගන්න. ඉතින් ඔබ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවාද? අපි මෙය පිළිගෙන ඉදිරියට යා යුතුයි.

එබැවින් නූතනත්වය වැදගත් වන අතරම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර නවීන චින්තන මධ්‍යස්ථාන තිබිය යුතුයි. ඊට හොඳම උදාහරණය බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන අග්නිදිග ප්‍රදේශයේ පිහිටුවා ඇති විශ්ව විද්‍යාලයයි. ඒ වගේම අෂ්රෆ් මැතිනිය කාන්තාවක් විදියට තමන් කරපු ජයග්‍රහණ වෙනුවෙන් ඇයට සම්මානයක් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇය එය ලබා ගත යුතුයි. ඒවගේම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී දිවංගත අෂ්රෆ් අමාත්‍යවරයා ඉටුකළ කාර්යභාරය ද මා අගය කරනවා.

එය සියලු ආකාරයෙන්ම වඩාත් නවීන විශ්වවිද්‍යාලයක් විය යුතුයි. එය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන සියලු ජාතින්ට ප්‍රයෝජනවත් වන විශ්ව විද්‍යාලයක් විය යුතුයි.  එය මුස්ලිම්වරුන්ට පමණක් සීමා කිරීමට උත්සාහ කළ හොත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අත් වූ ඉරණමම අත්විය හැකියි. ඒ නිසා එය හොඳින් සිහියට ගත යුතුයි.
 
 
එබැවින් නූතනත්වය යනු සාරය බව අප පිළිගත යුතු සහ අප ඉදිරියට යා යුතු දෙයයි. මම දකින්නේ මෙතැනදී පවා මුස්ලිම් සමාජය ඒ වෙනස්කම්වලට ලක්වෙමින් ඒ වෙනස්කම් ගැන සාකච්ඡා කරනවා. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) යනු ප්‍රධාන ප්‍රශ්නවලින් එකක්. ඒකට මම මැදිහත් වෙන්න යන්නේ නැහැ. ඒක මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්නයක්. නමුත් මම එකක් කියනවා, ආපස්සට යන්න එපා. මුස්ලිම්වරුන්ට අහිතකර කිසිම ක්‍රියාවක යෙදෙන්න එපා. පහුගිය දවසක මම දැක්කා සමහර මුස්ලිම් ළමයි මේ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා. එය ඇත්ත වශයෙන්ම දරුවන්ගේ රැකවරණය පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීමක්. වැඩිහිටියන්ට අවශ්‍ය නම් එය කළාට කමක් නැහැ. එහෙත් දරුවන්ව ඉන් ඈත් කර තබන්න. ඒක ඇත්තටම මුස්ලිම් අය පිළිබඳව සෘණාත්මක තක්සේරුවක් ඇති කරන්නක් නිසා, ඒකට ඉඩ දෙන්න එපා. මට කියන්න තියෙන්නේ එච්චරයි.
 
 
දැන් ඔබ ඔබේ සියවන වසර සම්පූර්ණ කර තිබෙනවා. අපි අපේ නිදහසේ 75 වන වසරට මුහුණ දෙන්නේ. මේ කාලයෙන් වැඩි හරියක් අප ගත කරලා තියෙන්නේ එකිනෙකා සමඟ සටන් කරමිනි. මම හිතන්නේ දැන් සංහිඳියාවට සහ සහජීවනයට කාලයයි.

ඉතින් අපි දැන් පටන් අරන් තියෙන්නේ ශ්‍රී ලාංකීය දෙමළ, ප්‍රශ්න මොනවද, අපි සංහිඳියාව කරා යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. ඒ වගේම අප එහි  පළමු පියවර අරගෙන අපි නැවතත් පක්ෂ නායකයන් හමුවෙනවා. පැවැති සාකච්ඡාවලදී අපි විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. කඳුකරයේ දෙමළ ජනතාව සමාජයේ සෙසු අය සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද අපි සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.
 
 
digana
 
දිගන කෝලාහලය
 
 
අනෙකුත් ජනවර්ග සහ ආගමික කණ්ඩායම් එයට ඒකාබද්ධ කර ගත යුතයි. මොකද මේවායේ ප්‍රතිලාභ ඔවුන්ට ලැබී නැහැ. අපි සම්පුර්ණයෙන්ම ඒකාත්මික විය යුතුයි. එමෙන්ම මට අවශ්‍ය වන්නේ මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කිරීමටයි. දැන් ඔබ මුහුණ දෙන ප්‍රශ්න මොනවාද? මම හිතන්නේ ඒකට හොඳ උදාහරණයක් තමයි 2018 දිගන කෝලාහලය. ඒ ගැන කතා කරන්න වෙනවා. ඒ වගේම 2019 පාස්කු බෝම්බ ගැනත් කතා කරන්න වෙනවා. මෙයට හේතු වූ කරුණු සහ ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව අප කතා කළ යුතුයි. කොළඹ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් සිටින මුස්ලිම්වරුන් හෝ මන්නාරම මුස්ලිම්වරුන් මුහුණ දෙන ප්‍රශ්නවලට වඩා හාත්පසින්ම වෙනස්.
 
 
අප ගෙනයන සාකච්ඡාවලට දෙමළ, උඩරට දෙමළ, ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල අය සම්බන්ධ කර ගන්නේ කොහොමද? ඔබේ දුක්ගැනවිලි, ඔබට දැනෙන සමාජ පසුගාමීත්වය පිළිබඳව සාකච්ඡා කරමු. මම හිතන්නේ එය සිදු කිරීමට මේ තමයි හොඳම කාලය කියායි.
 
 
ඒ විතරක් නෙවෙයි. අපි සිංහල අය අතරත් සාකච්ඡාවක් කරනවා. සමහර කණ්ඩායම් බලපෑමට ලක්ව වෙලා ඉන්නේ. විවිධ හේතුන් මත ඔවුන් සමාජය පිළිගන්නේ නැහැ. මේ නිසා තමයි දිගුකාලීන ගැටලු පිළිබඳව සොයා බලන සමාජ සාධාරණත්වය කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ. එබැවින් ප්‍රශ්න ගැන ඉතා සෘජුව කතා කළ සමස්ත ලංකා ජම් ඉයියතුල් උලමා සංවිධානයෙන් මම ඉල්ලා සිටින්නේ මුස්ලිම් කණ්ඩායමද මෙය සමඟ එකතු වී එහි තුන්වන අදියර ලෙස මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්න සාකච්ඡා කරමු කියලයි.

අපි එකින් එක  ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යමු. මම මේ සාකච්ඡා එකක්වත් එකට ගත්තේ නැහැ. මොකද ඒ ඒ පිරිස් තමන්ගේ ප්‍රශ්න වලට ප්‍රමුඛත්වය බලාපොරොත්තුවෙනවා. මේ විදිහට ගියොත්  කිසිම ප්‍රශ්නයක් විසඳන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි වෙනස්ම ආකාරයට එකින් එක විසදා ගනිමින් ඉදිරියට යමු. 

ඉතින් නිදහසේ 75 වනසංවත්සරයේදී අපි සියලු දෙනාම සැබෑ ශ්‍රී ලාංකිකයන් වෙමු. ඉන්පසු ඉදිරි වසර 25 දෙස බලමු. අපි ඉදිරි වසර 25 තුළ කුමක්ද  කරන්නේ ? අපි ආරම්භ කරන එක් ආයතනයක් තමයි මේ සියලු කරුණු සාකච්ඡා කළ හැකි ඉතිහාස පිළිබඳ අධ්‍යයන ආයතනය. ඊට අමතරව රාජ්‍ය සහ වෙනත් ආයතන තිබෙනවා. අපට ඉදිරියට යාමට නව ආර්ථිකයක් ඇති කර ගැනීමට මේ සියල්ල අවශ්‍යයි.

ශ්‍රී ලාංකික ජාතිය ලෙස අප ශක්තිමත් වෙමු. සමාජ සාධාරණත්වය ජය ගනිමු. වාර්ගික සහජීවනය ඇති කර ගනිමු. අපට ඉතා තරගකාරී ආර්ථිකයක් වීමට හැකි වන පරිදි නව ආර්ථිකයක් ඇති කර ගනිමු. අපව සමෘද්ධිමත් වෙමු.

ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක,  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මෙන්ම තානාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

All Ceylon Jamiyyathul Ulama 2All Ceylon Jamiyyathul Ulama 6




JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්