සම්මත වූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත හරහා පළාත් පාලන මැතිවරණය කල් යා හැකිදැයි

මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

'නෙත් නිවුස්' කළ විමසීමකදී එහි සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පත බලාත්මක වන්නේ කථානායකවරයා සිය අත්සන තැබීමෙන් පසුව බවයි. ඉන් අනතුරුව එම පනත සිය කොමිසම වෙත එවීමෙන් පසු ඒ පිළිබඳ තීන්දුවක් ගත හැකි බව ඔහු කියා සිටියේය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙම පනතේ විදිවිධාන බලාත්මක කිරීම සඳහා මාසයකට ආසන්න කාලයක් මැතිවරණ කොමිසමට ගතවනු ඇති බවයි.

කෙසේවෙතත් කිසියම් පාර්ෂවයක් මෙම පනත පාදක කරගනිමින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගතහොත් මාස 06 කට වුවද මැතිවරණය කල් යාහැකි බව විපක්ෂය පවසති.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ මේ මොහොතේ රට තුළ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බවයි. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ පළාත් මැතිවරණයක් නොව මහ මැතිවරණයක් බව උන් වහන්සේ පැවසුහ.

 



මේ අතරතුර පැෆරල් සංවිධානය සැකපළ කරන්නේ පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මතවූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත හරහා පළාත් පාලන මැතිවරණයට යම් බලපෑමක් එල්ල වනු ඇති බවයි.

යම් බලපෑමක් එල්ල වුවහොත් එය නිරාකරණය කර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසිය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්