මෙරටට විශාල ලෙස ආදායම් ලබාගත හැකි අමාත්‍යාංශයක් ලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ඉදිරියට මෙහෙයවන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය කර සිටියි.



අමාත්‍යවරිය එබව පැවසුයේ, ඊයේ (25) සිය අමාත්‍යංශයේ වැඩ බාර ගනිමින් පසුව අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති රැස්වීමේ දීය.

සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා මෙන්ම මිනිසුන් මුහුණ දෙන ගැටළුවලටත් ස්ථිරසාර විසදුම් ලබාදිය යුතු බව ඇය එහිදී සඳහන් කළාය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.

“වනජීවි හා වන සංරක්ෂණ  අමාත්‍යාංශය රටක් විදිහට ඉතාමත්ම වැදගත් අමාත්‍යංශයක්. මෙහිදී මෑත කාලයේ රටේ ජනතාව මුහුණ දෙන ගැටළුවක්ව පවතින අලි මිනිස් ගැටුමට විසදුම් සෙවිය යුත්තේ කුමන ආකාරයට ද යන කරුණ සම්බන්ධව අද අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවේ දී මතු වූ විශේෂ කරුණක් ලෙස පෙන්වා දිය හැකියි. මෙහිදී නිලධාරින්ට මම තදින්ම අවධාරණය කලේ සතුන්ගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කල යුතු වනවා මෙන්ම මිනිස්සුන්ගේ ගැටලු වලටත් අපි අනිවාර්යයෙන්ම විසදුම් ලබා දිය යුතුයි යන්නයි.”

“මේ අමාත්‍යංශය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආදායම් ලබා දිය හැකි, ආදායම් ලබා ගත හැකි අමාත්‍යාංශයක් බවට පත් කරමින් විදේශ මුදල් රටට ගෙන්වීමට හැකියාවක් තියෙන අමාත්‍යංශයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. විශේෂයෙන් සංචාරක කර්මාන්තයට විශාල පිටුවහලක් මේ අමාත්‍යංශය හරහා අපිට ලබා දෙන්නට පුළුවන්. නාගරික මණ්ඩලයක් ඇති කරමින්, වන ගහණය ලංකාවේ ආරක්ෂා කරගනිමින් ඉදිරියේ දී මතු පරම්පරාවට තවත් වන සංවර්ධන ව්‍යාපෘති ඇති කරලා මේ රටේ අනාගතය ආරක්ෂා කිරීම මේ අමාත්‍යංශයේ වගකීම් සහ ප්‍රධාන අරමුණක් වෙනවා.”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සි.එම් හේරත්  ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරන් මෙන්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2023 01 25 at 13.38.42


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්