මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරයකින් රුපියල් මිලියන සීයක්

ගසා කෑ බව කියන මිල්කෝ ප්‍රධානියකු ගැන අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල්  මිලියන සීයක් අල්ලස් ලබා ගැනීම මගින් මෙම ගසාකෑම කර ඇතැයි තොරතුරු වාර්තා වේ.

මිල්කෝ සමාගමේ පරණ කිරිපිටි මෙට්‍රික් ටොන් 650ක් විකිණීම සඳහා මෙම ටෙන්ඩරය කැඳවා ඇත.

කලින් වතාවක ද කල් ඉකුත් වූ කිරි පිටි විකිණීම සඳහා ටෙන්ඩරයක් කැඳවූ අවස්ථාවේදී ද මෙලෙස අක්‍රමිකතාවයක් සිදුවී ඇති අතර එලෙස අක්‍රමිකතා වලට සම්බන්ධ වූ තැනැත්තාට  මේ වතාවේ ටෙන්ඩරය නොදිය යුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පත්කළ කමිටුව දුන් නිර්දේශයක්ද නොතකමින් මේ වතාවේ දී ද දූෂිත අයුරින් කිරිපිටි ටෙන්ඩරය ලබා දී ඇතැයි අමාත්‍යවරයාට වාර්තා වී තිබේ.

කිරි පිටි ඉල්ලූමට සැපයුමක් දී ගන්නට නොහැකි අවස්ථාවක මෙලෙස කිරිපිටි කල් ඉකුත් වන්නේ කෙසේදැයි වෙනම පරීක්ෂණ පවත්වන ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා අදාල කමිටුවට දැනුම් දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ  ඉහළ නිලධාරියෙකු ද මෙම වංචාවට සම්බන්ධ වී ඇතැයි අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇතැයි පැවැසේ.

අමාත්‍ය කමිටු නිර්දේශ ද නොසලකා හරිමින් අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ කෙසේ දැයි නිදහසට කරුණු දක්වන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මිල්කෝ සමාගමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

(lankadeepa.lk)

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්